Chapter 19

92 9 50
                                    

ටක්...ටක්...ටක්..

ටේ කුකීගේ තොල් වලට පහත් වෙද්දිම හීනෙන් වගේ කවුරු හරි දොරට ගහන සද්දෙ ඇහිලා කොල්ලා අකුනක් වැදුනා වගේ එකපාරට කුකීගෙන් ඈත් උනා.එක පාරට තමන්ට මොකද්ද උනේ කියලා හිතාගන්න බැරි උන ටේ අත් දෙකෙන් තමන්ගෙම කොන්ඩෙ ඇදගත්තා.තාමත් එලියේ ඉන්න කෙනා දොරට ගහන නිසා ටේ ඇදෙන් බැහැලා ගිහින් දොර ඇරියා.ටේ දොර ඇරපු ගමන් එතන හිටිය කෙනා ටේගෙ උඩ ඉදන් පහලටම බැල්මක් දීලා හිනාවක් දුන්නා.

ගුඩ් මෝනිං හියුන් .මන් හිතුවේ...චහ් ඒක වැඩක් නෑ.නූනා මට කිව්වා ඔය දෙන්නව ඇහැරවන්න කියලා.

අහ්.මට ටිකක් නින්ද ගියා.ඊයෙ නින්ද යද්දි ටිකක් රෑ උනානෙ.

ටේ එහෙම කියලා එයාගෙ කොන්ඩේ අතින් හදාගද්දි බෙක්හියුන් ටේ දිහාට අමුතු හිනාවක් දාලා ටේට පිටිපස්සෙන් තාම නිදන් ඉන්න කුකී දිහත් බලලා....

හ්ම්ම් හ්ම්ම් කුකී හියුන්වත් එක්ක එන්න නූනා ඔය දෙන්නගෙ මිල්ක් ෂේක් දෙක හදන ගමන්.

අමුතු තාලෙකට හ්ම්ම් කියලා අනිත් ටික කියලා කොල්ලා වාෂ්ප උනා.ටේ තාම එතන හිටගෙන කල්පනා කරේ ඒ හිනාවේ තේරුම මොකද්ද කියලා .ඒත් ටේ එක පාර එයාගෙ ඇග දිහාත් බලලා ආපහු ඇදේ ඉන්න කුකී දිහාත් බලලා එකපාර එයාගෙ අත් දෙකෙන් ඇග වහගත්තා ඒත් එක්කම එක පාර දොර වහලා දුවලා ඇවිත් ඇද ලග බිම තිබුන එයාගෙ ටී ශර්ට් එක අරන් ඇදගත්තා.ටේ ඒක ඇදන් කල්පනා කලේ එයා කොයි වෙලේද ඒක ගැලෙව්වෙ කියලා.කල්පනා කරන් යද්දි ටේට මතක් උනේ ඊයේ ගොඩක් වෙලා යනකන් නින්ද ගියේ නැති නිසා ටේ බැරිම තැන ආයෙත් රෑම වොශ් එකක් දාලා ශෝටක් ඇදන් ටී එක අතේ අරන් ඇදට ආවත් ඒත් එක්කම එයාට ආපු කෝල් එකක් නිසා ඒකටත් කතා කරලා ඇස් පියාගත්ත ටිකට එයාට නින්ද ගිහින් කියලා.ඒත් වෙනදට ස්ලීපින් ටැබ්ලට් අරන් නිදාගන්න ටේට ඊයේ ඒ නිදාගත්ත පැය ගාන හුග දවසකට පස්සෙ හොදට නින්ද ගියා කියලා හිතුනා.වොශ් එකක් දාන් ටේ සාලෙට එද්දි සෝහා ටේගෙ ස්ටෝබෙරි මිල්ක් ෂේක් එකත් අරන් එනවා දැකලා ලස්සනට හිනා උනා.

ගුඩ් මෝනිං සෝහා.

ගුඩ් මෝනිං ටේ.ඊයෙ නින්ද ගියාද හොදට.

Mine Baby (Completed )Where stories live. Discover now