chapter 07

94 13 66
                                    

✍️කතාව පටන් ගන්න කලින් සූටි නිවැරැදි කීරීමක් තියෙනවා .මන් කලින් චැප්ටර් එකේ කිව්වෙ කුකී කියන්නේ යුන්ගිගෙ අප්පගෙ අයියගෙ පුතා කියලා නෙ.ඒක අනිත් පැත්ත වෙන්නෙ.ඒ කිව්වෙ කුකී ගෙ අප්පගෙ අයියගෙ පුතා තමා යුන්ගි .(මහ රෑ නැගිටලා නිදන් හිටපු අම්මවත් ඇහැරවලා නෑකම් අහන්න ගිහින් හොද වචන දෙක තුනක් අහන් ගුටි නොකා බේරුන අගතියට පත් ඕතරී😪🤧)
--------------------------------------------------------------
විනාඩි කීපයක් ගියත් ඒ හතර දෙනාගෙ හුස්ම හඩවල් ඇරෙන්න වෙන සද්දයක් ඇහුනෙ නෑ.අන්තිමට හොද හුස්මක් පහල දාපු යුන්ගි කතා කරන්න පටන් ගත්තා.ඒත් යුන්ගි කතා කරන්න කලින් එයා කුකීව කිචන් එකට යැව්වා අජුම්මා ට උදවු කරන්න කියලා .එයාට ඕන උනේ නෑ කුකී මේ කතාව දැන ගන්නවට.

හ්ම්ම්.මුලින්ම මන් කියන්නම්කො කුකී කියන්නෙ මගෙ කවුද කියලා .මගෙ අප්පගෙ මල්ලිගෙ පුතා තමයි කුකී.

මොකක් මිස්ට ජියෝන් ට සහෝදරයො ඉන්නවද.ඒත් එදා වෙඩින් එක දවසෙ එක නෑයෙක් වත් හිටියෙ නෑනෙ.

ටේ පුදුමෙන් වගේ කියනකොට යුන්ගි තවත් බර හුස්මක් පහල දැම්මා.

හ්ම්.ඔයා පුදුම වෙන එක සාදාරනයි ටේහියොන් .මොකද එයා අපි හැමෝම එක්ක තරහයි.ඒකට හේතුවනම් මන් දන්නෙ නෑ.මන් අප්පගෙන් ඒ ගැන ඇහුවත් එයා ඒ කතාව මගහරිනවා.මට කුකීව මුලින්ම හම්බුනේ ස්කූල් එක ලග තියෙන පාර්ක් එකේදි.අපේ ස්කූල් එකට එහා පැත්තේ තමයි කුකීගෙ ප්‍රී ස්කූල් එක තිබ්බෙ.මේ දෙකේම ලමයි ඒ පාර්ක් එකට එනවා.දවසක් මායි මගේ යාලුවො සෙට් එකයි පාරක් එකට ගියා.අපි ගියේ පොඩි වැඩකට.ඒත් මන් එතන ඉද්දි දැක්කේ පාර්ක් එකේ කොනේම බෙන්ච් එහෙක වාඩි වෙලා අනිත් ලමයි සෙල්ලම් කරන දිහා බලන් ඉන්න හාවෙක් වගේ කියුට් කොල්ලෙක්.

කතාව කියන අතරේ යුන්ගි ඒ දේවල් මතක් වෙලා ලාවට හිනා උනා.එයාට ඒ දේවල් අද වගේ මතකයි.

මන් ටිකක් වෙලා එයා දිහා හොදට බලන් හිටියා එයා හරි ආසාවෙන් අනිත් ලමයි සෙල්ලම් කරන දිහා බලන් හිටියා.ඒත් එයා ඒ ලමයි එක්ක සෙල්ලමට ගියෙත් නෑ.ඒ ලමයි මෙයාට කතා කරෙත් නෑ.ඊට පස්සෙ අපි ආපු වැඩේ කරන්න ඕනෙ නිසා මන් එයාව අමතක කලා.ඒත් මට ඒ අහිංසක මූන හොදට මතක තිබ්බා.

Mine Baby (Completed )Место, где живут истории. Откройте их для себя