Chapter 18

95 8 101
                                    

Next day.

වෙනදට වඩා ටිකක් කලින් ඇහැරුන කුකී මූන සෝදන් පහලට ආවේ එයාගෙ ජාතික පානය අරගන්න තාම උදේ නිසා අනිත් අයත් තාම නැගිටලා නෑ එක්කෙනෙක් හැර.එයා පහලට එද්දි දැක්කේ සෝෆා එකට වෙලා ලැප් එකේ මොකද්ද වැඩක් කරන යුන්ගිව.සද්ද නැතුව යුන්ගිගෙ පිටිපස්සට ගිය කුකී එක පාර යුන්ගිගෙ කන ගාව කෑ ගැහුවේ යුන්ගි තව පොඩ්ඩෙන් ලැප් එකත් උඩින් යවන ගානට ගැස්සෙද්දි.

ගුඩ් මෝනිං හියුන්ගී....

ආහ් ඔම්මා....හහ් අම්මෝ කුකී මන් බය උන තරමක්.

හී හී සොරී එච්චර බය වෙයි කියලා නම් හිතුවෙ නෑ.

හිතුවෙ නෑ හ්ව් සෑඩ් හිතලා බලන්න ආස හිතෙයි.තව පොඩ්ඩෙන් මේකත් උඩින් යනවා.

හී...කෝ ඉතින් ඔයා තාම ගුඩ් මෝනිං කිව්වේ නෑනෙ අප්පා.

කුකී කටත් බෙරි කරන් කියද්දි යුන්ගි හිනාවෙලා කුකීගෙ නහය පොඩ්ඩක් මිරිකලා ගුඩ් මෝනිං කිව්වා.

ගුඩ් මෝනිං කුකී.මොකෝ මේ අද උදේම නැගිටලා .

අද කලින් ඇහැරුනානෙ ඉතින්.මට තෑගි බලන්න තිබ්බනෙ.ඊයෙ රෑ නිදිමත නිසා ඒවා බැලුවෙත් නෑනේ.

අනේ අනේ ඒකද මේ ඉතින් මගේ කුකී බැලුවද ඔයාගෙ තෑගි ටික.

ඔව්ව්.අනී හැමෝම දීපු ඒවට මන් ගොඩක් ආසයි.ඔයාගේ ගිෆ්ට් එකටත් මන් ගොඩක් ආසයි හියුන්.ඒක හරිම ශෝක්.

කුකී සතුටින් හිනා වෙවී කියද්දි යුන්ගි බලන් හිටියේ ඒ හිනාව දිහා .කුකී ඇත්තටම ගොඩක් සතුටින්.

ඒක තේරුවේ චිමී.

ඔහ් චිමී හියුන් ට මන් තැනක් යූ කියන්න ඕනේ.එයා තාම නිදිද හියුන් .

අහ් ඔව් කුකී.එයා තාම නිදි.

හ්ම්ම්.එහෙනම් මන් හියුන්ටයි මටයි මිල්ක් ෂේක් දෙකක් අරන් එන්නම්.

හා.අම් හැබැයි මට ඔයාගේ ජාතික පානෙ නම් එපා පොඩ්ඩො.වෙන මොනාවත් නැත්තන් වතුර එකක් ගේන්නකො.

යුන්ගි හිනාවෙලා කියද්දි කුකීත් හිනා වෙලා කිචන් එකට ගිහින් එයාට බනානා මිල්ක් ෂේක් එකයි යුන්ගිට ටේගෙ ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් පැක් එකෙන් එකකුයි අරන් ඇවිත් යුන්ගිට එහා පැත්තෙන් සෝෆා එකේ වාඩි උනා.කුකී වාඩි උනාම යුන්ගිත් ලැප් එක වහලා පැත්තකින් තියලා කුකී දීපු මිල්ක් ෂේක් එක ගත්තා.

Mine Baby (Completed )Where stories live. Discover now