chapter 06

105 12 60
                                    

කුකීගෙ කාමරේට ආපු ටේ දැක්කෙ කුකීගෙ කෑම එක එහෙම්මම මේසෙ උඩ වහල තියෙනවා .ඒත් කුකී පේන්න හිටියෙ නෑ.ටේ ටේබල් එක ලගට ගිහින් වහල තිබ්බ ප්ලේට් එක ඇරියාමයි දැක්කෙ කොල්ලා කටක් වත් කාලා නැති බව.එතකොට ම කුකී බාතෲම් එකේ ඉදන් ආවා.කොල්ලගෙ නහය රතු වෙලා ඒත් ටේට ඒක එච්චර ගානක් නම් නෑ.

කූ ඇයි දරුවෝ කෑවෙ නැත්තේ.ඔයාට ආපහු උනද.

ටේ කුකීගෙ ලගට ගිහින් නලලට අත තියලා බැලුවා .උන නම් නෑ.

උන නම් නෑ කූ.ඔයාට වෙන මොකක් හරි අමාරුවක් තියෙනවා ද මන් කිව්වෙ මේ අත කැක්කුමයිද කියලා .

ඔව් ටේ ටේ මගෙ අත පෑරුනා.

ගෝඩ් ඒ කොහොමද මන් කිව්වනෙ දගලන්න කරන්න එපා කියලා.ගොඩක් රිදෙනවා ද.

කූ මූනත් ඇඹුල් කරන් කියනකොට ටේ කලබලෙන් ඒත් පරිස්සමෙන් කුකීගෙ අත අල්ලලා බැලුවා.

ම් මන් කන්න ගියේ.ඒ අතින් හැන්ද අල්ලන්න හැදුවේ එතකොට පෑරුනා.මට අනිත් අතින් හැන්ද අල්ලන්න හුරු නෑ ටේ ටේ.

කුකී එහෙම කියනකොට ටේට දුක හිතුනා.එයා හොද හුස්මක් පහල දාලා කුකීගෙ ඔලුව අත ගෑවා.

හ්ම්ම්.ඔයට තිබ්බෙ අජුම්මට කියන්නනේ.

අජුම්මා ඇහුවා මගෙන් කවන්නද කියලා ඒත් මන් එපා කිව්වා.

ඒ මොකද.

අජුම්මට කරදරයිනෙ.අනික මන් ගෙදර ඉන්න කාලේ මීරා අජුම්මා මට බැනලා තියෙනවා .

ඒ මොකටද.

ටේ කුතුහලයෙන් ඇහි බැමැක් උස්සලා ඇහුවා.

දවසක් මගෙ අතේ ඇගිල්ලක් තුවාල වුනා.එතකොට මට අවුරුදු 8 යි.අතින් කන්න අමාරු නිසා මන් අජුම්මගෙන් කවන්න පුළුවන් ද ඇහුවම එයා මට හොදටම බැන්නා.දවස් තුනක් විතර මට කෑම කන්න බැරි උනා.ඒ ටිකේ මන් වතුර බීලා තමයි හිටියේ .

කුකී බිම බලන් කියනකොට ටේගෙ ඇස්වලට කදුලුත් ආවා .කුකීගෙ ඇස් වලත් ලා කදුලු පටලයක් තියෙනවා ටේ දැක්කෙ නෑ .ටේ තමන්ගෙ කදුලු පිහදන් කතා කරා.

හරි හරි දැන් ඒව ඉවරයිනේ.යන්කො පහලට මන් ඔයාට කවන්නම්.තාම බෙහෙත් බීලත් නෑනෙ.අනිත් දේ කූ මීරා අජුම්මා වගේ නෙවෙයි සූහා අජුම්මා එයා හරිම හොදයි.මාව පොඩි කාලෙ ඉදන් බලාගත්තෙ එයා.ඉතින් ඔයා එයාට බයවෙන්න ඕනෙ නෑ හරිද.

Mine Baby (Completed )Where stories live. Discover now