3

42 5 5
                                    


Th : සීනියර් මට කතා කලාද? (ටේ ජින්ගෙ කැබින් එකේ දොරට තට්ටු කලා)

Jin : ඔව් ටේ, අද ඔයාට ජේකේව මුනගැහුනද? (ජින් ටේට වාඩි වෙන්න කියලා අතින් පෙන්නුවා) මං අහන්නෙ අද එයාගෙ චෙකප් එක කලේ ඔයාද?

Th : නෑ ඩොක්‍ටර්, මං අද උදේ ඉදලා වෝඩ් එකේ හිටියෙ (ටේ වාඩි වෙන ගමන්ම කිවුවා) ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?

Jin : ඔව් ප්‍රශ්නයක්, මං එදා එයාට සතියකින් ස්කෑන් එකක් කරන්න කිවුවා, ඒකත් එක්කම චෙකප් එකකුත් කරගන්න කිවුවා, එයාගෙ ස්කෑන් රිපෝට් එක මෙතන තියෙනවා, ඒත් චෙකප් එකක් කරලා නෑ වගේ (ජින් එයා ලග තිබුන රිපෝට් පෙරල පෙරල බැලුවා)

Th : සීනියර් එයාට කෝල් කරලා බැලුවෙ නැද්ද?

Jin : කෝල් කලා ටේ, මේ කොල්ලා කෝල් ආන්ස්වර් කරන්නෙ නෑනෙ, ජූන්ලා හොබීලා මිශන් එකකට ගිහින්, එයාලට කතා කරන්නත් බෑ මට (ජින් ඔලුවෙ අතත් ගහගෙන කල්පනා කලා)

Th : එහෙනම් ඉතිං ගෙදරට ගිහින් බලන්න සීනියර් (වෙන කියන්න දෙයක් නැති කමට වගේ ටේ එහෙම කිවුවා) ස්කෑන් එකේ ගැටලුවක් නෑනෙ? (ටේ රිපෝට් එක අතට ගත්තා)

Jin : නෑ ටේ, ඒත් ස්කෑන් එකට වඩා වැදගත් චෙකප් එකනෙ, තුවාල හොදවෙලාද පැසවලාද කවුද දන්නෙ? (ජින් ආයෙමත් බර කල්පනාවකට වැටුනා)

Th : ඩොක්‍ටර් (ටේ කෑ ගහගෙනම පුටුවෙන් නැගිට්ටා) ඩොක්‍ටර් පිස්සෙක්නෙ (ලග ඉන්නෙ එයාගෙ සීනියර් කියලත් අමතක වෙලා ටේ කියාගෙන ගියා)

Mafia in loveOnde histórias criam vida. Descubra agora