12

35 5 33
                                    


උදේ ටේහ්‍යුන්ග් එයාගෙ කාමරේට වෙලා ලෑස්ති උනේ ජන්කුක් එක්ක ගමනක් යන්න උනත්, ජන්කුක් රටේ නැති බොරු කියලා උදේම ටේව මගඇරලා එයාගෙ ගෙදර ගියා. බේජ් කලර් කලිසමට සුදු ශර්ට් එක ඇදලා කලු ටයි එක දාලා හිටපු ටේහ්‍යුන්ග් ඇද උඩ පෙට්ටීයක දාලා තිබුන සපත්තු දෙක අතට ගන්න ගමනුත් කල්පනා කලේ මදාවි මාෆියා ඒ පාර මොන විපර්‍යාසයක් කරන්න යනවද දන්නෙ නෑ කියලා. ඒක කාලෙකට කලින් ජන්කුක් දීපු සපත්තු දෙකක් උනත් ටේ ඒක අද වෙනකන් දාලා තිබුනෙ නෑ. මොකද එදිනෙදා රාජකාරියට යන්න ඒක ගැලපුනේ නෑ. සපත්තු දෙකත් දාගත්ත ටේහ්‍යුන්ග් එයාගෙ කෝට් එක අතින් අරගෙන ජන්කුක්ට කෝල් එකක් ගන්න ගමන්ම ගෙදරින් එලියට බැස්සෙ ඔම්මා කට ඇරගෙන ටේගෙ ලස්සන බලන් ඉන්න ගමන්මයි.


ජන්කුක් හිටියෙ එයාගෙ ගෙදර, එයාගෙ කාමරේ dressing table එක ඉස්සරහට වෙලා කලු කලිසම විතරක් ඇදගෙන ලොකු කල්පනාවක. ඇත්තටම එයා ලොකු ගැටලුවකට මැදි වෙලා හිටියෙ කලු ශර්ට් එක අදිනවද, එහෙමත් නැත්තන් වෙන ශර්ට් එකක් අදිනවද කියලා. අන්තිමට මොලෙත් එක්ක කරපු ලොකු සටනකින් පස්සෙ හදවත් ජයගෙන ටේහ්‍යුන්ග් කාලෙකට කලින් එයාට තෑගි දීපු, ඒත් ජන්කුක් කවදාවත් ඇදලා නොතිබුන බේජ් කලර් ශර්ට් එක ජන්කුක් ඇන්දා. ඊට පස්සෙ කලු සුදු මිශ්‍ර වුන සපත්තු දෙකක් දාපු ජන්කුක් ටයි එකයි, කෝට් එකයි අතින් අරගෙනම ටේගෙ කෝල් එක ආන්සර් කරන ගමන් ගෙදරින් එලියට ගිහින් දොර ලොක් කරලා දැම්මා.

.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"Do you Kim Taehyung take Jeon Jungkook as your lawful wedded husband"

"YES I DO"

"Do you Jeon Jungkook take Kim Taehyung as your lawful wedded husband"

"YES I DO"

"I pronounce you both as husband and husband, now kiss the groom and finish your marriage rituals"


ජන්කුක්ගෙ ඉනෙන් අත දාලා ඇදලා ගත්ත ටේහ්‍යුන්ග් එයාගෙ මැණිකව ඇගට තද කරගෙන ඒ පිරුනු තොල් වලට බර වෙලා මාරුවෙන් මාරුවට උඩු තොලයි යටි තොලයි එයාගෙ තොල් වලින් උරන්න පටන් ගත්තා. ආදරේ විතරක්ම පිරුන ඒ හාදුවට ටේගෙ බෙල්ල වටේ අත් දෙක ඔතාගත්ත ජන්කුක් හැගීම් පිරුන එයාගෙ බෝල ඇස් වලින් ටේ දිහා බලාගෙනම එකතු උනා. දෙවියන් ඉස්සරහ එයාලගෙ පිවිතුරු ආදරේ ඔප්පු කරපු ටේකුක් තොල් වලින් ඈත් වුනේ දෙන්නගෙම අත් පුලුවන් තරම් තදින් අල්ලගන්න ගමන්මයි.


Mafia in loveWhere stories live. Discover now