15

46 5 22
                                    


ජන්කුක්ව කැබින් එකේ තනියම දාලා කෙලින්ම terrace එකට ගිය ටේහ්‍යුන්ග් එයාගෙ කදුලු ඔහේ ගලාගෙන යන්න ඉඩ ඇරියා. කදුලු එන්නෙ හංගගෙන ඉන්න නෙමෙයි, හිත් ඇතුලෙ තියෙන හැගීම් පිට කරන්න. එහෙම හිතපු ටේහ්‍යුන්ග් එයාගෙ හිත ඇතුලෙ තියෙන හැගීම් එලියට එනකල් කදුලු ගලාගෙන යන්න දුන්නා.


"I'm sorry ජන්කුක්, කියන්න කණගාටුයි, ඔයාට ගැබ්ගන්න පුලුවන් කමක් නෑ. I really sorry"


ටේ ඒක අද දැනගත්ත දෙයක් නෙමෙයි, ජන්කුක්ගෙ ඔපරේශන් එක කරපු ඩොක්‍ටර් හැටියට ඒ දේ ටේ එදාම දැනගත්තා. ඒත් එදා ජන්කුක් ඒක කියන්න ගියෙ නැත්තෙ මාෆියා කෙනෙක්ට pregnancy එකකින් ඇති වැඩේ මොකක්ද කියලා හිතලා. ඒත් එයාලගෙ පලවෙනි එකතුවීම දවසෙ ජන්කුක් කියපු දේවල් වලින් ටේගෙ හදවත් පවා මොහොතකට නතර උනා කියලා ටේට දැනුනා.


"තමුසෙ දන්නවද මං ඊයෙ හීනයක් දැක්කා මායි මගේ ඩොක්‍ටර් හස්බනුයි අපේ බබා එක්ක සෙල්ලම් කරනවා"


"එහෙම උනොත් ම්...මට පුලුවන් මාම් කෙනෙක් වෙන්න, හැබැයි තමුසෙ මට ආදරේ නැත්තං මාත් එක්ක ළමයි හදන්න එන්න එපා, එතකොට ම්...මං වගේ තව ළමයෙක් මේ ල්...ලෝකෙට එනවා."


" නිසා මං උවමනාවෙන් මේ වගේ උනා, ඒත් මට විදිහට ඉන්න හලෝ තිබ්බෙ, එහෙනම් තමුසෙ මේ වෙනකොටත් මට ආදරේ කරන්න පටන් අරන්, මට චූටි බබෙකුත් ඉන්නවා"


ඒ වෙලාවෙ තමයි ටේ හරියටම තීරනයක් ගත්තෙ ජන්කුක් තමයි එයාගෙ අනාගත් සහකාරයා කියලා. කවුද අකැමති ජන්කුක්ගෙ වගේ ලස්සන හදවතක් මගඇරගන්න. එයාලට එයාලගෙම දරුවෙක් ලැබෙන්නෙ නෑ කියලා දැන දැනත් ටේ ජන්කුක්ට ආදරේ කරන්න, ජන්කුක්ව කසාද බදින්න තීරනය කලා.


Mafia in loveWhere stories live. Discover now