4

41 7 12
                                    


Th : ඔම්මා මං ආවා (ටේහ්‍යුන්ග් ගෙට ගියෙම ඔම්මට කෑ ගහගෙනමයි)

Mom : මං කිචන් එකේ ටේ (ඕම්මත් ටේ වගේම කෑ ගැහුවා)

Jk : ඔම්මාව පෙන්නනවකො (ටේ ලගම හිටගෙන හිටපු ජේකේ ටේට වැලමිටෙන් ඇන්නා)

ඔව් ටේ ජේකේව එයාගෙ ගෙදර එක්කගෙන ආවා. හරියට කෑමක්වත් නැතුව ජේකේ එයාගෙ ගෙදර තනියම ඉන්න එකට ටේ කැමති උනේ නෑ. ඉතිං එයා තීරනය කලා ජේකේව එයාගෙ ගෙදර එක්කන් එන්න.

ටේගෙ ගෙදර තට්ටු දෙකේ උනාට ඒක හරි පුංචියි. හොද වෙලාවට ජේකේගෙ වාහනේ ආවෙ නැත්තෙ. මොකද ඒකේ ආවානම් ඒක ටේගෙ ගේට්ටුවෙන් ඇතුලටවත් ගන්න බෑ. පාරෙ තමයි පාක් කරන්න වෙන්නෙ. ජේකේගෙ බාත්රූම් එකත් ටේගෙ ලිවින් රූම් එකට වඩා ලොකුයි. ජේකේ කටත් ඇරගෙන ගේ පුරාම එයාගෙ බෝල ඇස් අරගෙන ගියා. ඒත් ටේගෙ ඔම්මාගෙ කටහඩ ඇහුනම ජේකේට අනිත් ඔක්කොම අමතක උනා. එයාට ඔම්මාගෙ මූන බලන්න ආසාවක් ආවා.


Th : එනවා යන්න (ජේකේගෙ අතින් අල්ලගත්ත ටේ කිචන් එකට ගියා) ඔම්මා මේ ජන්කුක්, මගේ සීනියර්ගෙ මල්ලි කෙනෙක්, අර මං එදා සුප් අරන් ගියෙ මෙයාට තමයි (ටේ ඔම්මා ලගට ගිහින් පිටිපස්සෙන් බෙල්ල බදා ගත්තා)

Mom : ඔහ් මේ එයාද? ම්...ම්ම්ම් ටේ මේ ළමයව ලිවින් රූම් එකට අරන් යන්න, මං කෑම ලෑස්ති කරලා කතා කරන්නම්

ජේකේව දැක්කම ඔම්මා ටිකක් බය උනා. සමහර විට පෙනුම නිසා වෙන්න ඇති. ටැටූස් ඉයර් රින්ග්ස් නිසා වෙන්න ඇති. කලබලෙන් වගේ කතා කරපු ඔම්මා ආයෙමත් එයාගෙ වැඩ පටන් ගත්තා.

Jk : ඇයි ? ආන්ටි මාව දැකලා බය උනාද? (ලිවින් රූම් එකට ගිය ගමන් ජේකේ ආයෙත් ටේට වැලමිටෙන් ඇනලා ඇහුවා)

Th : තමුසෙව පෙන්නලා පොඩි එවුන්ට බත් කවන්න පුලුවන්, ඔම්මා බය උන එක අහන්නත් දෙයක්ද? (ටේ කටත් ඇද කරගෙන කිවුවා)

Mafia in loveWhere stories live. Discover now