CHAPTER 1 🍻

2.3K 230 138
                                    

" පුතා දැන් ඔහොම ඉදලා ඒලෙවල් වලට ක්ලාස් යන්නේ නැද්ද "

" යන්න ඕනි අම්මා..ක්ලාස් එකක් සෙට් වුනේ නෑ තාම..මම කැමති නෑ අනේ ඔය ලොකු හෝල් ක්ලාස් වලට යන්න.. "

" හරි එහෙනම් යාලුවෝ එක්ක පොඩ්ඩක් ගිහින් හොයලා බලන්න..හැමෝම ක්ලාස් යනවා ඔයා මෙතන අර කොල්ලා ගැන හිත හිත නිදි.. "

" අනේ අම්මා කිව්වනේ ඒක ඉවරයි...ඒකම කියලා නෝන්ඩි කරන්න එපා.. "

" මෙන්න මෙයාට කේන්ති ගිහින්..හරි හරි නැගිටලා කාලා අර ශෙරූන් එක්ක ගිහින් හොද ක්ලාසස් ටිකක් හොයාගන්න.. "

අම්මා උදේම ඇවිත් පෙර වැරද්දිත් ඇදලා දේශනය දෙන්න පටන් ගත්තා..කලින් කොල්ලෙක් එක්ක හුටපටයක් තිබිලි බූට් කාලා ඇඩුව බව ඇත්ත ඒත් ඉතින් ඕක දකින දකින හැම තැනම කියවන එක හරිද මම අහන්නේ...

මම එහෙන්මම ශෙරූන්ට මැසේජ් එකක් දැම්මේ ඌවත් අඩ ගහන් ක්ලාස් එකක් බලන්න යන්න..

" Oiiiiiiiiii......sheruuuuuuuuuun "

" Mokathe "

" Ada yamanko bn eliyata "

" Koheda "

" Ballo clz ekakwath hoyaganne nadda "

" Oni bn ape ammath baninawa "

" Apeth..10.30ta waren bike eka aran.. "

" Ela ela "

ශෙරූන්ටත් එන්න කියලා මම නැගිටලා වොශ් එකක් දාගත්තේ ගැම්මට ලෑස්ති වෙලා..

" අම්මා... "

" මොකද ලමයෝ.. "

" බඩගිනී... "

"  ඉතින් කන්න ලමයෝ ඔය තියෙන්නේ බෙදලා වහලා "

" කවන්න බැ.. "

" නෑ නෑ කන්න කන්න.. හුරතල් වෙන්න එනවා.. අප්පච්චි එක්ක මන් දැන් යන්න ඕනි ගමනක්.."

" මට මොනාහරි ගේන්න "

" ඔයා ලග සල්ලි තියේනේ.. "

" කමක් නෑ ඒත් ගේන්න..."

අම්මලා මොන මගුලට එලියට ගියත් මට මොනාහරි ගේනකන් බලන් ඉන්න ලෙඩක් මට තියෙනවා..ටොපියක් වුනත් කමක් නෑ මට ගේන්නම ඕනි මොනාහරි..ඒකයි නීතිය..

අපේ අම්මා තාත්තා ගැන කිව්වොත් ලොකු අයියාට පස්සෙ වැඩියෙන්ම ආදරේ මට..අයියා රට නිසා දැන් මට..මොකද මෙගෙන් පිටිපස්සේ කදුරුත් නැති නිසා..අවශ්‍ය ඕනෑම දෙයක් කරන්න නිදහස දීලා තියෙන නිසා මාත් හෙන විනෝදෙන් ඉන්නේ..නිදහස ඕනෑවට වඩා භුක්ති විදින්න ගිහින් කෙලවගෙන අඩාගෙන ආවම තමා කනපුපුරන්න අප්පච්චිගෙන් කන්නෙ..

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now