CHAPTER 4 đŸģ

1.3K 195 44
                                    

හිතේ දුකට ලොකු අයියට කෝල් කරාට එයා ආන්ස්වර් කරේ නෑ..ආපහු ගෙදර යන්නත් බැරි නිසා ඒ ලග තිබ්බ පාක් එකට වෙලා හිටියේ ශෙරූන් ක්ලාස් ඉවර වෙලා එනකන් ඉන්න ඕනි නිසා..මොකද ගෙදර ගියොත් අම්මා විස්තර අහන්න ගන්න නිසා..

ඒ ඉන්න ගමන් මම වට්සැප් ගිහින් බැලුවේ චැට් කරන්න හරි කවුරුහරි ඉන්නවද බලන්න..ඒ අස්සේ අභිරු සර්ගේ චැට් එකත් දැක්කට මම ගනන් නොගෙනෙම උඩට පහලට ගිහින් සීන් කරේ නැති චැට් එකක් ඕපන් කරා..අපේ ඉස්කෝලේ ගීත් අයියාගේ..හවුස් එකේ වැඩ වලට වෙන්නැති ශුවර් එකට..

" Akash malli oya me para athletic events tika cover karala denawa neda "

" Aiya sure nane..classes cut karanna denneth na bn aiye amma "

" Hari malliyo ahala balannako gedrin..puluwannam ennako malli loku udawwak.. "

" Hari kawadda aiye practice "

" Saturday malli ude 8 idn "

" Hari aiye mn ennam "

" Ane thanks malliyah 😘 "

" 😌❤ "

ඒකත් හොදයි..සෙනසුරාදා ක්ලාස් යන්නත් බැරි එකේ ප්‍රැක්ටිස් ගියානම් හරි..අම්මට අවුලකුත් නෑනේ එතකොට..
.
.
.
.
.
.
සතියක් ගත වෙලා සෙනසුරාදා එද්දී මට දැනුන හැගීම විස්තර කරන්න බැරි වුනා.. ක්ලාස් එකට එන්න එපා කිව්වම කොච්චර කැමති වුනත් යන්නද.. එදා ශෙරූන්නම් කිව්වේ ඉරිදා හවස ක්ලාස් එකට ආපහු එයා තනියම යද්දි සර් හොදට බැලුවා කියලා.. කොහොම වුනත් මම මගේ හැගීම් අමතක කරන්න ඕනි..දනටමත් බාගයක් අමතක කරලා තියෙන්නේ..

ශෙරූන් සුපිරුදු විදිහටම 7.30ට ගෙදර එද්දි මම බෑග් එකට මගේ ට්‍රැක් කිට් එක දාගෙන අම්මාට ක්ලාස් ඉවර වෙලා ප්‍රැක්ටිස් යනවා කියලා බොරුවකුත් කියාගෙන ආවා..මගට ආවට පස්සේ මම ශෙරූන්ට කිව්වා මම ක්ලාස් එන්නේ නෑ කියලා..

" අනේ බන් ආකාශ් වරෙන්.. "

" බෑ බන් ප්‍රැක්ටිස් යන්න ඕනි..සර් නිකමටහරි මන් කියන්නේ නිකමටහරි ඇහුවොත් ඇයි මන් ආවෙ නැත්තේ කියලා දන්නේ නෑ කියපන් "

" අනේ මන්දා බන්.. "

ශෙරූන්ගෙත් කුනු කුනුව මැද්දේ මම ප්‍රැක්ටිස් ආවා..

" අනේ ආකාශ් මල්ලි..තැන්ක්‍යූ බන් ආවට "

" ගීත් අයියේ සලකපන් හොදේ මොනාහරි අරන් දීලා.. "

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now