CHAPTER 5 🍻

1.3K 188 77
                                    

" යසයි පොඩි එකා ඊයේ බීලා නටපු නාඩගම "

ගීත් අයියා ඊයේ මම බීලා අඩන ඒවයි මම අයියලාව බදාගෙන ඉන්න ඒවයි ගීත් අයියාව කිස් කරන ෆොටෝයි ඔක්කොම එවලා..මගේ කරුමෙටම මම ඒ වෙලාවේ ඒ චැට් එක ඕපන් කරද්දි සර් එතන..

" ගෞර්ය.. "

" ඔව් සර්... "

සර් මට කතා කරනවත් එක්කම මම ෆෝන් එක ටග්ගලා ලොක් කරලා සක්කුවට දාගත්තා..

" අද ක්ලාස් ඉවර වෙලා මාව ටිකක් හම්බවෙන්න.. "

" හරි සර්.. "

ශෙරූන් ඉන්න නිසා අපි දෙන්නම වෙනසක් නොකර කතා කරා.. තුන් දෙනාම කාලා ක්ලාසස් වලට ගියා..ඒ පැය ගානෙම මම හිටියේ මනෝලෝකේ කිව්වොත් හරි..

' සර් මොකටද එයාව හම්බෙන්න කිව්වෙ.. අනික එයා ඊයේ මම බිව්ව විස්තරේ දන්නේ කොහොමද, මම කෝල්ස් ආන්ස්වර් කරෙත් නෑනේ.. ආහ්හ්හ්ග් ඔලුවත් රිදෙනවා තාම '

මනෝලෝකේ පැය ගානෙම හිටපු මම හොද සිහියට ආවේ ක්ලාස් කලින් ඉවර වෙද්දි..ශෙරූන්ට ගෙදර යන්න කියලා මම සර්ට මැසේජ් එකක් දැම්මා..

" Sir kalin cls iwara una..mama palleha pare innawa iwara unama msg ekak danna mn ennm udata "

මම සර්ට මැසේජ් එකක් දාලා පල්ලේහා පාරට ඇවිදන් ගියා..ඒ පාර පාලු වුනත් නිදහස්..පන්ති ලමයි නිතරම එන නිසා බංකු තියලත් තියේ ඒ පාර්..මම අස්සකට ගිහින් සිගරට් එකකුත් පත්තු කරන් තොල් දෙකේ තියන් දුමක් ඇද ඇද හිටියා..ඔව් ඔලුවට නිදහස නැති වෙනවත් එක්කම මම ඒ දේ නැවත නැවත කරා..ඒත් අද සර් එන්නේ නෑ කියලා දන්න නිසාම මම ඇස් දෙකත් පියන් ඔලුව නිදහස් කරගන්න දුමක් උඩට ඇරියා..සිගරට් එකෙ දුම උඩට ගිහින් නැති වෙලා යනවා බලන් ඉන්න මම ආස කරා..ඒක තමා මගේ පැටලිලා තියෙන ඔලුව නිදහස් කරපු දේ..

චටාස් !!!

අදත් සැර කම්මුල් පාරක් වදිද්දි මම දැනගත්තා ඒ එයා කියලා..ඔව් කම්මුල පුපුරු ගහන්න තරම් ඒ පාර සැරයි..ඒත් මම නෙවෙයි සිගරට් එක තොල් වලින් අයින් කරේ..මම දුම උඩට ඇදලා එයාගේ මූනටම පිට කරද්දි එයා මන් දිහා ගිනිගත් බැල්මකින් බැලුවා..

" ගෞර්ය පුතේ උඹ මොනාද මේ කරන්නේ..සිගරට් බොන්නේ ඇයි මෙච්චර "

" සර් බොන්නේ නැද්ද "

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now