CHAPTER 8 🍻

1.3K 176 49
                                    

එදා සිද්දියෙන් පස්සේ මම අයියාට පොරොන්දු වුන විදිහටම පාඩම් වැඩ කරන් පාඩුවේ හිටියා..එයා ගැන තිබ්බ හැගීම් සම්පූර්ණයෙන් අමතක කරන්න බැරි වුනත් අයියාට ඕනි මල්ලි කෙනෙක් විදිහට මන් එයා ලගින් ඉන්න නිසා මාත් ඒ දේට එකග වුනා.. අයියායි මායි ගොඩාක් වෙලාවට ශොපින් යනවා ලයිබ්‍රි යනවා මියුසිකල් වලට යනවා අපි දෙන්නා හොදම යාලුවෙක් ගානටම ලන් වුනා..

අයියා තව මාස දෙක තුනකින් එන්ගේජ් වෙනවා කිව්වා..අයියා ඒ අක්කවත් මට අදුන්නලා දුන්නා..කොයි තරම් වේදනාවක් හදවතට දැනුනත් එයත් බැදලා ගියාම මේ දේවල් අමතක වෙයි..කලින් කොල්ලා අච්ව්හර දෙයක් කරලා ගිහිනුත් දරාගත්තු මට ඒක එච්චර දෙයක් නෙවෙයි.. දැනටමත් ක්‍රශ් එකක් කියන හැගීමට වඩා සහෝදර හැගීම මට එයාගෙන් දැනෙන්න අරන් තියෙන්නේ..

අනිත් පැත්තෙන් ගත්තම මම නොහිතපු විදිහට ගීත් අයියා මට එයාගේ හැගීම් ගැන කිව්වා.. එයාගේ හිතේ මන් ගැන කැමත්තක් තියෙනවා හැබැයි ඒක ඒ තරම් ගැඹුරු නැති නිසා මට ඒක පීඩනයක් කරගන්න එපා කියලා..මාත් එයාට අවස්ථාවක් දෙන්න හිතුවා මොකද ගීත් අයියා ඇත්තටම හොද මනුස්සයෙක් නිසා.. අපි ලවර්ස්ලා නොවුනත් ඒ විදිහට කාලයක් ඉදලා බලමු කියන දැනට ආවා..

මම එදා හවස අයියා එක්ක බීච් යන්න හිටියේ..ඒත් ගීත් අයියා එක්ක රිලේශන්ශිප් එකක් පටන් ගත්තු නිසා මම බීච් යන්න එයාටත් අඩ ගැහුවා..

" අයියේ... "

" ගෞර්ය..කවුද මේ.. "

" අයියේ මේ ඉන්නේ ගීත්..මගේ බොයිෆ්‍රෙන්ඩ්..ගීත් මේ ඉන්නේ මගෙම අයියා වගේ අයියා කෙනෙක්.."

" හායි බ්‍රදර්..නයිස් ටු මීට් යූ.."

" ඔහ්හ් හායි..නයිස් ටු මීට් යූ ටූ ගීත් "

" අයියේ දැන් එන්ගේජ්මන්ට් එකට හොටෙල් එක බුක් කරාද "

" තාම නෑ අනේ.. අක්කා තාම සිලෙක්ට් කරේ නෑනේ හෝල් එකක් "

අපි විස්තර කතා කර කර බීච් එකේ හිටියා.. අයියා කෝල් එකක නිසා අක්කා එක්ක මන් ගීත් අයියා එක්ක ගියා රැල්ල පාගන්න..

" බබා පරිස්සමෙන් කෝ එන්න අත අල්ලගන්න.. "

" ගීත් අයියා මාව ලුනු ගෙනියන්නකෝ.. "

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now