CHAPTER 23 🍻

1.2K 156 46
                                    

අභී එයා මන් ඉස්සරහ.. මගේ ඇස් දිහා එක එල්ලේ බලන් ඉන්නවා.. ඒ ඇස් වල හැගීම් ගැන කිව්වොත් ඒවා හරිම ගැඹුරුයි.. වේදනාව , විරහව , කේන්තිය අස්සේ ආදරේ ඒ ඔක්කොම පේන්න තියෙනවා..

" ඉතින් ඉතින් කට්ටිය මොකෝ එක පාරට සෙට් වෙන්න හිතුවේ.. "

" අඩෝ මෞර්ය මෙන්න මූට කෛලාශට ආපහු බදින්න කෑල්ලක් හොයලා ගෙදරින්.. මමනම් කිව්වේ බැදපන් කියලා බන්..දැන් 28ක් මූ විතරයි අපේ සෙට් එකේ සින්ගල් තාම.. "

ඒ ඇහිච්ච දේ නිසා මගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ හැගීමක් ආවෙ.. ලොකු ටග්ගලා ටේබල් එක යටින් මගේ කකුල ඉඩ තිබ්බ අත අල්ල ගත්තා.. මම හොදින් කියන්න එයා පැත්තට හැරිලා ලාවට හිනා වුනා..

මම හොදින් නෙවෙයි හිටියෙ.. කොහොම හොදින් වෙන්නද මම ආදරේ කරන කෙනා මට ලැබෙන්න ඔන්න මෙන්න ඉද්දි ආපහු වෙන කෙනෙක්ගෙ වෙන්න යද්දි.. මම ඒ ඇස් මගාරලා බාර් එකේ වෙන පැත්තක් බලාගෙන හිටියා..

" ඉතින් කෛලාශ උබත් එහෙනම් බදිනවද "

" ම්ම්ම්... හ්ම්ම්... අම්මලාගේ කරදරේ බන්.. දැන් ඉතින් කැම්පස් එකේම ලෙක්චර්ස් කරන නිසා වෙන බාහිර දේවලුත් නෑනේ බන්.. ඒ කෙල්ලව ආශ්‍රය කරලා බලලා මැච්නම් මැරි කරලා රට යන්න බැලුවේ.. "

මගේ පපුව පුදුමාකාර විදිහට වේදනා දෙද්දි මටම පාලනේ නැති මගේ කදුලු කම්මුල් දිගේ බේරිලා යන්න ගත්තා..

" ලොකූ මම වොශ්‍ රූම් ගිහින් එන්නම් "

මම එතනින් නැගිටලා වොශ් රූම් නොයා එලියටම ආවා.. නිමක් නැති කදුලු ඔහේ ගලන් යද්දි මට එයාව ඇත්තටම අහිමි වුනා නේද කියන හැගීම මට වේදනා දුන්නා.. රණ්ඩු කර කර හරි ඉස්සර එයා මාත් එක්කම හිටියා නේද කියලා මතක් වෙද්දි මට දැනුනේ ලොකු වේදනාවක්..

එයා බයි නිසා එයාට මැරි කරා කියලා ප්‍රශ්නයක් නෑ.. ආදරේ ඇතිවේවී දවසක ඒත් එතකොට මම ? එයාට අයියා කරපු දේට කර්මෙ ගෙවන්නේ මම මෙහෙමද ? මමත් අභී අයියා වෙනුවෙන් හිටියා වගේ එයා වෙනුවෙන් බලන් ඉන්න ඕනිද ?

මගේ ඔලුව අස්සේ විකාර ගොඩක් ගොඩ ගැහිලා පැටලිලා තියෙද්දි මම මගේ සාක්කුවේ තිබ්බ අයියගේ කාර් කී එකෙන් දොර ඇරලා ඇතුලේ තිබ්බ සිගරට් පැකට් එකෙන් සිගරට් එකකුත් අරන් ලයිටර් එකත් අරන් පත්තු කරන් කාර් එකට හේත්තු වුනා...

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now