CHAPTER 22 🍻

1.1K 158 45
                                    

එදා ඒ සිද්ධිය වෙලා මේ වෙද්දි මාස දෙකක් විතර වෙනවා.. අභී අයියාට මම එක මැසේජ් එකක්වත් දැම්මේ නෑ.. එයා දැම්මෙත් නෑ.. ගීත් අයියාත් මාව දාලා යන්න බෑ ගගා ඉදලා ඔන්න අමාරුවෙන් ඔස්ට්‍රේලියා ගියා.. ශෙරූන් ක්ලාස් නවත්තන්නේ නැතුවම මාත් එක්කත් මගේ ක්ලාස් වලටත් ආවා.. එයා තමා ඇවිත් මට අභී ගැන විස්තර කියන්නේ.. එහෙම දැනගත්තොත් ඇරෙන්න මට එයා ගැන දැනගන්න විදිහක් නැහැනේ..

ශෙරූන් කියන විදිහට අභී අපේ බැජ් එකෙන් පස්සේ ක්ලාස් කරන එක නවත්තනවා.. ෆුල් ටයිම් ලෙක්චර් කෙනෙක් විදිහට එයාව තේරිලා.. ක්ලාස් එක භාර සර් ශෙරූන් අතේ ටියුට්ස් පේපර්ස් ඔක්කොම මට එවනවා... මම  වෙන ක්ලාස් යනවා කිව්වත් දිගටම ඒක පුරුද්දක් විදිහට සර් කරනවා..

මේ වෙද්දි මම ගොඩක් පැතිවලින් වෙනස් වෙලා.. හරියටම කිව්වොත් මම හිටියේ ගොඩක් පරිණත විදිහට.. සිගරට් නොබී රස්තියාදු ගති අතෑරලා පාඩම් වැඩ කරන් ගෙදරටම වෙලා හිටියේ.. සමහර වෙලාවට මට කන්න බොන්න තරම් වත් මූඩ් එකක් නෑ.. ෆෝන් එක අයින්ම කරලා හිටපු නිසා ගීත් අයියා කතා කරන ඒවත් ගොඩක් මිස් වෙලා පස්සේ නිකන් මැසේජ් එකක් දාලා ඉන්නවා.. මේ මාස ගාන ඇතුලත මම පරන ගෞර්ය නොවෙද්දි මම අභී ගැන වුනත් තිබ්බ හැගීම ගොඩක් යටපත් කරන් හිටියේ..

එයා වෙනුවෙන් ඒ මොහොතේ මට කරන්න පුලුවන් දේ මම කරා.. එතනින් එහාට එයා මට සලකපු විදිහ ගැන මම දොස් කියන්නේ නෑ..

" මල්ලී.. මම එන්නද ඇතුලට "

කල්පනා ලෝකෙක තනිවෙලා හිටපු මන් මේ ලෝකෙට ආවේ ලොකු අයියා දොරෙන් එහාපැත්තේ ඉදන් කතා කරද්දි..

" ආහ් ලොකු අයියෙ. එන්න දොර ලොක් කරලා නෑ.. "

" මොකෝ බට්ටා කරන්නේ.. "

" මොකුත් නෑ අනේ ඉන්නවා.."

" මොකෝ දැන් එලි බහින්නෙවත් නැත්තෙ.. "

" මොකුත් නෑ අයියේ.. එක්සෑම් ලගයිනේ වැඩ තියෙනේ කරන්න.. "

" මල්ලී.. ඇයි දැන් ලොකු අයියාට බොරු කියන්නේ.. "

" බොරු නෙවෙයි අනේ.. "

" ලොකු අයියා එක්ක තරහින්ද ඉන්නේ.. ඉස්සර මගේ තුරුලෙම හිටපු කොල්ලා දැන් එන්නෙවත් නැත්තෙ මන් ලගට.. මම ඔය දෙන්නට කැමැත්ත නොදුන් නිසාද මේ තරහ.. "

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now