CHAPTER 15 🍻

1.2K 165 93
                                    

නුවර එලියෙන් කොලඹ එන්න හදද්දි රෑ වෙලා තිබ්බා.. අපේ කොල්ලොනම් පිටිපස්සේ තියන් බොනවා සර්ලට හොරෙන්.. කෙල්ලෝ ටික ඉස්සරහ නට නට සින්දු කියන නිසා කොල්ලො ටික හොදට කවර් වෙලා හිටියෙ.. මම උණ නිසා නොබී පාඩුවේ හිටියා..

අභී අයියට දාපු මැසේජ් එකෙන් පස්සේ මම එයා දිහා බැලුවෙවත් නෑ.. මම තීරණය කරා එයාට කරදර නොකර පාඩුවේ ඉන්න..ආදරේ වුනත් අනිත් කෙනාට වාතයක් වෙන්න බෑ මම ඒවගේ වැඩ වලට ආස නෑ..ඒ නිසා මම එයාව නොදන්න මනුස්සයෙක්ට දාලා මගේ පාඩුවේ හිටියා..

කොල්ලෝ ශේප් වෙන්න බීලා පිස්සු හැදිලා වගේ සින්දු දදා නටනවා.. මම හිටගන්නවත් පන නැතුව හිටියෙ මොකද අද දවසටම කෑවෙ සැන්ඩ්විච් එකයි රෝල් එකයි විතරයි.. ශෙරූනුත් ටිකක් බීලා සෙට් එකත් එක්ක නටනවා.. මම සීට් එකේ තනියෙම එලිය බලාගෙන ආවා.. සීතල හුලන් මූනේ වදිද්දි ඒ එක්කම හිත පාරන වේදනාව එක්ක මෙච්චර විනෝද වෙන්න තිබ්බ ගමනත් මට දැනුනේ මම තනිවෙලා වගේ හැගීමක්.. හුලග මූනේ වදිද්දි ඇස් බාගෙට පියවෙනවා..

" ආහ් අභිරු සර්..එන්නකෝ නටන්න "

මට ඇහිච්ච කටහඩට මගේ නින්ද නැතිවෙලා ගියා..ඒත් මම ඇස් දෙක වහගෙනම එහෙන්මම ශටර් එකෙන් එලියෙම මූන තියාගෙන ආවා..

" තාම ගෞර්යට හොද නැද්ද ලමයි "

" නෑ සර්..ඌ කන්නෙත් නෑ බොන්නෙත් නෑ අද දවසෙම ඔහොමයි "

" ගෞර්ය පුතේ... කෝ ශටර් එක වහලා මෙහෙට වෙන්නකෝ.. ඔයාට සීතලට උණ වැඩි වෙයි "

මම බොරුවට නින්දෙන් නැගිටපු විදිහට ඇස් දෙකත් පුංචි කරලා එයා දිහා බලද්දි එයා මගේ එහා පැත්තෙන් වාඩි වෙලා ශටර් එක වැහුවා.. මම කිසි ගානක් නැතුව වහපු ශටර් එකට ඔලුව තිබ්බා..

" ඔයාට තාම උණනේ "

එයා මගේ නලලට අත තියලා උණ බැලුවා..දැන් මොකටද දන්නෙ නෑ ආවේ..ලමයි ඉස්සරහ බොරු රංගනය වෙන්නැති..

" ඔයාට මොනාහරි කන්න දෙන්නද ? ඔයා පැනඩෝල් බිව්වද ? "

මන් මොකුත් ඇහෙන්නේ නැති විදිහට ඉන්නකොට එයා ආපහු කතා කරනවා..ලමයි හිටියේ සින්දු කිය කිය නට නට නිසා අපි දෙන්නට කාගෙවත් අවධානේ ලැබුනේ නෑ..

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now