CHAPTER 14 🍻

1.1K 161 70
                                    

" ගීත් අයියේ.. මොකෝ කරන්නේ "

" පාඩම් කරනවා මල්ලියෝහ්..එක්සෑම් අතලගනේ.. "

" අපි ක්ලාස් ට්‍රිප් එක ආවා අනේ "

" මල්ලී ඔයාට සනීප නැද්ද..නැත්නම් ඔයා අඩනවද..කටහඩ වෙනස් නේ "

" අයියේ ඇයි අයියේ ආදරේ කරන එක මෙව් තරම් අමාරු... "

" මැනික ඇයි මේ.. මොකද වුනේ මට කියන්නකෝ... "

" අයියේ ආදරේ කියන දේ මට හරි වේදනාවක් අයියේ "

" මැනික අනේ ඔහොම කියන්න එපා.. මොකද වුනේ.. "

" අයියේහ්..මම දෙයක් අහන්න ඇත්ත කියනවද "

" ඔව් අහන්න ඕනිම දෙයක් "

" මම නිසා ඔයා අඩලා තියෙනවද "

" ම්ම්ම් නෑ කිව්වොත් විශ්වාස කරනවද.. මම කියන කෙනා ආදරේට වඩා හෙව්වෙ සැනසීම පැටියෝ..ඔයාගෙන් ආදරේ නොලැබුනාට හැමදාම මට සැනසීම ලැබුන නිසා මම හිටියේ සතුටින් "

" එහෙනම් ඒ ඇති.. මම බය වුනා මම ඔයාට දුකක් දුන්නද කියලා මම නොදැනුවත්වම හරි"

" දැන් ඉතින් මොකෝ වුනේ කියන්නකෝ අඩන්නෙ නැතුව "

" මට අමාරුයි අයියේ මෙහෙම ආදරේ කරන්න..මම ආදරේ නෙවෙයි ඉල්ලන්නේ මම ඉල්ලන්නේ මටත් අනිත් අයට වගේ සලකන්න කියලා විතරයි..ඒත්.. "

" මගේ මල්ලියෝහ්..ආදරේ කරන්න තීරනේ කරේ ඔයා..ඒකට එයාට දොස් කියලා බෑ..තනි අතින් අත්පුඩි ගහන්න බෑ මගෙ මල්ලී..හැම මනුස්සයම නවතින්නේ තමන්ට දැනුන කෙනා ගාව..ඔයාට බලෙන් එයාගේ ආදරේවත් කරුණාවන්ත කමවත් ලබන්න බෑ.. ඒ නිසා මැනික ඔයා ආදරේ කරනවනම් ඉස්සරහටත් කිසි දෙයක් ආපස්සට බලාපොරොත්තු නොවී ආදරේ කරන්න..තේරුනාද "

" හ්ම්ම්... "

මම ගොඩක් වෙලා ගීත් අයියා එක්ක කතා කර කර හිටියා කෝල් එකෙන්..එයා මගෙ හිත පුලුවන් තරම් හැදුවා.. ඇත්තටම ගීත් අයියා වගේ මිනිස්සු මේ ලොකේ වැඩිපුර ඉන්න ඕනි.. එයා නිකන් ටෙඩියෙක් වගේ..ටෙඩියෙක් තුරුල් කරගත්තම ඒ දැනෙන හැගීම දැනෙන්නේ කොයිවගේද ගීත් අයියගේ වචන ඒ ආදරේත් දැනෙන්නේ ඒ විදිහටමයි..

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now