3📌️

23 3 19
                                    

ඕයි සදීශ මෙහෙ එනවකො මෙතන සෙනග මං තනියෙං ඕයි.......

හවස් වෙද්දිතමා මතීශලගෙ ශොප් එකේ සෙනග වැඩි වෙන්නෙ... ඉතින් මෙව් කලබලකාරි මගුල් අස්සෙ මතීශට තවත් මලපැන්නෙ කිචන් එකට වෙලා ඉන්න සදීශ එක්ක...

අනේ එනව එනව ඕයි... මෙතනට පොඩ්ඩක් චූ බරයි ඉන්න බෑ

දොර ඇරන් සදීශ එද්දි මතීශ පටගාල දුවල දොරෙන් අතුරුදහන් උනා... පව් අසරණයා තව පොඩ්ඩක් වෙලා හිටියනං කැෆේ එකම ගඳගහනව..

.
.
.

මේ අතරෙ රයන් එක්ක විනෝද් තිබුන වැඩේ ඉවර කරල කැෆේ එකට එනගමන්...

මොකද බං අපි මේ ප්‍රශ්නෙට කරන්නෙ ? විනෝද්ගෙ ඇත්ත විදිය ඕකද නැත්තං මවාපානව වෙන්න බැයිද ?

මං දන්නෑ බං. ඌ මාෆියා වල ඉන්නවනං අඩු තරමෙ සලකුණක්වත් තියෙන්නෝන... ඒත් එහෙම එකක් කොහෙවත් පෙන්නල නෑ.... තේරෙනවනෙ උඹට.... හැබැයි එකපාර අපිට කෙනෙක් විශ්වාස කරන්ඩ බෑ... මොකද උඹල දෙන්නගෙ තාත්තල හතුරො... උඹට ඌ ප්‍රශ්නයක් වෙයි කියලනෙ මෙච්චර කල් මතීශව මරන්න හොය හොය හිටියෙ... ප්‍රශ්නයක් වෙන්නෙ නැත්තං මං කියන්නෙ මතීශට ඉන්න දීපන්.... කරදරයක් නෑනෙ බං උගෙන් එහෙනම්....අනේ මංද උඹෙ තීරණයක්... මං නම් කැමති නෑ අහිංසකයෙක් මරනවට...

හ්ම්... බලමුකො එහෙනං... කෝකටත් මතීශ ගැන ඇහැ ගහන් ඉඳපන්... උඹට වෙලා නැත්තං දෙන්නෙක් විතර දාපන්...

හ්ම්හ්ම්...ටහුක්-

කතාව එහෙම්ම නැවතුනෙ ඩ්‍රයිවර් එකපාරට බ්‍රේක් ගහපු පාරට දෙන්න විසි වෙලා ගිය හින්ද... රයන් සීට් එකෙන් බිමට වැටෙද්දි විනෝද්ගෙ ඔලුව ගිහිං ශීට් එකේ වැදුන..


හුත්තො බලාගෙන පලයන්කො එකපාරට බ්‍රේක් ගහන්නැතුව...

සොරි සර්...ඒත් මෙතන වයිට් ශැඩෝගෙ කට්ටියක් මර්ඩර් එකක් කරනව.... පාර කවර් කරල වගේ...

මොන හුත්තක්ද රයන් බැහැපන් උඹත්.... මං බලන්නම්

විනෝදුත් වාහනේ එක පැත්තකින් බහිද්දි රයන් අනිත් පැත්තෙන් බැස්සෙ සන් ග්ලාස් දෙක්කුත් දාගන ගැම්මට... මොනා උනත් දෙන්නට ප්‍රතම කාර්‍ය තමා ලොකුකම පෙන්වීම කියන්නෙ... දෙන්න බැස්ස ගමන් දැක්කෙ තනිකර සුදු එක්ක ක්‍රීම් මික්ස් ශයින් ඩ්‍රේස් එකක් ඇඳල එතන මිනිහෙක්ට දාගන ගහන වයිට් ශැඩෝව... මූන බලාගන්න හිතුනත් ඒ සැනින් දැක්කෙ මූනෙ තියන මාස්ක් එක...

Mr. Mysterious! || yizhanWhere stories live. Discover now