6📌️

21 3 23
                                    


Vinod pov...

ඇත්තටම මමවත් රයන්වත් හිතන් හිතපු තරන් අහස් කියන්නෙ අහිංසක කෙනෙක් නෙමේ... ක්ලබ් එකට ගියාම හැමදේම එතනින් දැනගන්න ලැබුන... සර්පයා අත ළඟම තියාගන... මම රයන් දෙන්නම අයාලෙ ගිහින් තියෙන්නෙ... ගිහින් නෙමේ... ඇත්තටම යවලා.... අහස්ගෙ තාත්තා එක්තැන් වෙලා ඉන්න එකම හේතුව නිසා අහස්ව නොමර ඉන්න තීරණේ කලත් දගටම අපිට මෙයාව තියාගන අවධානමක් ගන්න බෑ... වගේම තමා මේ සිද්දිය පිටින් දාල අහස්ව ගෙදර යවන එක හොඳයි කියල අපිට හිතුන එක... ඉතින් මමයි රයනුයි ක්ලබ් එකේ ප්‍රශ්නෙ විසඳපු ගමන් මහ පාන්දර කියල නොබල අහස්ව ගෙදෙට්ට දාල ආවෙ ඌ කෑගහල අඬද්දි... මං හිතන්නෙ ඒ යකා අපි දන්නව කියල දන්නෑ.. එක්කො දන්නව කියල දන්නව... එහෙම නෑ කියල පෙන්නන්න රඟපානව...... කොහොමත් ඒකගෙ අති දක්ශ රංගනෙන් මමයි රයනුයි මෝඩයො උනානෙ... ළඟම ඉඳන් වල කපන එකා... අහස් වයිට් ශැඩෝද කියල හිතාගන්න බැරි උනත්... දිගටම අපි ඌට ඇහැ ගහන් ඉන්න ඕන... මං රයන් එක්ක ගෙදර ආවා... කොච්චර හිත තද කරන් ගෙදරින් දාල ආවත් වෙනදට ඉස්සරහට විනෝද් අයියේ ගාගෙන දුවන් එන විදිය මට ඇස් වලට මැවි මැවි පේන්න ගද්දි මං ඔහේ ඇතුල්ට ගියා... රයන් මොන මොනවදෝ කිව්වත් මට ඒවගෙ කිසිම ගානක් උන්නෑ...

අහස්.... මගෙ බෝයිෆ්‍රෙන්ඩ්.... මං ආදරේ කරපු කොල්ලා... ඌ මෙහෙම කරයි කියල ඇත්තටම හීනෙකින්වත් හිතුවෙ කවුද... ෆෝන් එක විසි කරපු පාර තවම ෆෝන් එකක් ගන්න බැරුව ගියා... ඒ එක්කම මට මතක් උනේ ෆෝන් එකේ GPS එකක් සෙට් කරල යනකල් මං නොසැලකිලිමත් උනේ කොහොමද කියල... සමහරවිට ආදරෙයි කියල විශ්වාස කරා වැඩී වෙන්න ඇති.... අනික... ඇත්තටම මමයි අහසුයි ආදරේ කරනවයි කියල කරපු ඇති ආදරයක් නෑ... බබා පැටියො කිව්ව මිසක්... සාමාන්‍ය කිස් එකක්වත් මං දීල නැතිවෙද්දි මං කල්පනා කලේ මමයි අහසුයි ආදරේ කරලද කියල...

ඔව් මට වෙන කෙනෙක්ට ආදරේ කරපු එක තව කෙනෙක් හින්ද සාදාරණීකරණය කරගන්න ඕනා... ඒත් ඒකට හේතුව මොකද්ද ? මං එහෙම්ම වොශ් එකක් දාන් ඇවිත් ඇඳට වැටුනා...අහස් වෙනුවට මගෙ හිතේ වෙන කෙනෙක් මේ වෙද්දි ඇවිදින්න අරන්.... නිදිමතටත්, අද උන දරාගන්න බැරි සිදුවීම් වල තෙහෙට්ටුව නිසත් මට ලාවට ඇස් පියවේගෙන එද්දි මං මතීශගෙ මූණ, ඒ හිනාවෙන ඇස්...අව්‍යාජ හිනාව.... කටගාව තියන ලපේ.... මතක් කරගන්න උත්සහ කලා.

Mr. Mysterious! || yizhanWhere stories live. Discover now