12📌️

10 3 0
                                    

නින්ද අහලකවත් නොවෙද්දි මං හිටියෙ ඔහේ සිවිලිම දීහා බලාගෙන.. අහස්ව මරන්නෝන... ඒත්... අවස්තාවක් දුන්නොත් මොනව වෙයිද කියන එකත් මගෙ හිතේ වැඩ කළා.. ඒ එක්කම දොරට ගහනව ඇහුන නිසා මං කල්පනාවෙන් මිදුන..

වරෙන් රයන්..

කොල්ලට නින්දගිහින්ද?

තාම නැගිට්ටෙ නෑ බං...

පව් අමාරු ඇති... දැක්කම පේනව කිසිම තුවාලයක්වත් වෙලා නෑ එක කැළලක් නෑ ඇඟේ මලක් වගේ හැඳිල තියෙන්නෙ ඌ..

මං බැලුවෙ මට තුරුල් වෙලා නිදන් ඉන්න අයූ දිහා.. 'උඹ මාව බය කරා මැනික...'. මං රයන් දිහා බැලුවා..

අහස්ට මොකද කරන්නෙ?

උබ අරුන්ගෙන් අහගත්තද සේරම?

ම්ම්..

අහස් ආදරෙනුයි බලේනුයි අන්ධ වෙලා ඉන්නෙ විනෝද්.. නැත්තන් ඌ ඇත්තටම හොඳ කොල්ලෙක්.. උඹ උනත් දන්නවනෙ.. ඌ දැන් වෙනස් උනාට ඌ අපිට සහෝදරයෙක් උනා.. හැබැයි ඌ උබෙන් ඊට වඩා යමක් බලාපොරොත්තු උනා.. මටත් දැන් සැකයි උඹ ඇත්තටම අහස්ට ආදරේ කරාද කියල... උඹ මෙයට දෙන තරම් වෙලාවක් එයාට නම් දුන්නෑ ඒක මට ශුවර්..

නැ බං ඒක අනේ මංද.. ඒ ගැන කතා නොකර ඉමු.. මං නමට හරි උගෙ බෝයිෆ්‍රෙන්ඩ් වෙලා හිටියනෙ ඇරත් මෙයාට මෙහෙම මේ දේවල් ඇහුනොත් තුවාල පැත්තක දාල දෙක කරයි.. කවුද දන්නෙ අහිංසකය වගේ හිටියට මොන කොච්චි කරලක්ද කියල ඇත්තටම..

😂😂😂😂😂😂😂😂

අපි දෙන්නටම හිනා යද්දි අයූ චූට්ටක් කෙඳිරිගාල මට තව තුරුල් උනා.. මේකගෙහුරතලේ... හොඳ උනාම අල්ලල මිරිකනව ඇත්තමයි...

උඹල දෙන්නට චයින යන්න ටිකට් බුක් කලා බං...

රයන් කිව්වෙ මං දිහා බලන ගමන්..

ශුවර්ද මෙහෙ වැඩ උඹට තනියෙන් කරතෑකිද? දෙකට බෙදන්නෙ අපි කලේ...

මං කියද්දි රයන් සැනසිලිදායක හිනාවක් දැම්මා..

මංගැන වද උනාට තැන්කිව් මහත්තයො.. ඒත් උඹල දෙන්න ගිහින් හොඳ වෙලා වරෙල්ලා.. හැමදේම අපි බලාගන්නම්... ගාඩ්ලා ටිකක් කෝකටත් අරන් පලයන්..

Mr. Mysterious! || yizhanWhere stories live. Discover now