8📌️

12 1 13
                                    

ඒකපාට්ටම කිචන් එකේ දොර ඇරුන.. ඒත් එක්කම මෙච්චර වෙලා මගෙ බෙල්ල වටේ අත් පටලගන ඉඳිය මතීශ... එහෙමත්නැත්තම් මගෙ අයූ... මාව අහකට තල්ලු කරල දැම්ම... අපි දෙන්නම බැලුවෙ දොර දිහා...

අහ් - අපි ම්-මේ ඔ

රයන් සදීශ දෙන්න දොර ගාව හිටගෙන පටල පටල මොනාද කියන්න ගිහින් කියාගන්න බැරුව ආය මහ සද්දෙන් දොර වහන් ගියා....

😅😅.....

මම ආයම මතීශ ගාවට ළංවෙලා ඉනෙන් ඇදල මං ගාවටගත්ත...

සුවඳයි...

ටිකක් වෙලා නළලට නළලහේත්තු කරන් ඉඳපු මං ආයම මතීශ ගෙ අතින් අල්ලන් එලියට ආවම රයන් එලියෙ හිටගන සිගරට් එකක් බොනව.. මාව දැක්ක සදීශ පටස්ගාල අහක බලාගත්ත.

ඔයාල යනවද ?

මතීශ තවත් එයා එක්ක පැටලිලතිබ්බ මගෙ අත තද කරල අල්ලන් මගෙන් ඇහුව. ඒ මූණ හුරතල් පාටයි... එයාව වර්ණනා කරන්න තරම් වචන මට නැති උනත් මං එක දෙයක් හිතනව... ඔයා මගෙ රෝස මල... අනිත් අයට රිදවල හරි මං ඔයාව මගෙ ගාව තියාගන්නව... ඔයා මගෙ රෝස මල නං මං ඔයාගෙ කටු පිරුන නටුව වෙන්නම්...

යන්න වෙනවනෙ... ඔයාට අද කරදර කරන්න ආව අයගෙන් කෙනෙක් අපි තියාගත්තනෙ... එයාව බලන්න ඕනිනෙ...

ඇත්තටම කිව්වොත් කවුරු ඉස්සරහවත් නොපෙන්නන මගෙ ආදරණීයගති ටිකෙන් ටික මගෙ මතීශ ඉස්සරහ දිගෑරෙන්න අරන් තිබ්බා...

ම්ම්... ඔයා මොනාද කරන්නෙ ?

මතීශ අහපු ප්‍රශ්නෙත් එක්ක මං ගොළු උනා... මොනව කියන්නද ? මං තමා මුළු රටම හොල්ලං ඉන්න බ්ලැක් ශැඩෝ කියන්නද ? එහෙම කිව්වොත් ඔයා මට නැතිවෙයි මගෙ අයූ... නෑ... මට බොරුවක් කරන්න බෑ.. මං හැමදේම හිමීට ඔයාට කියන්නම්...

ඒක ඔයාට පස්සෙ දැනගන්න ලැබේවි.. මං ගිහින් එන්නම්... ප්‍රශ්නයක් උනොත් මට කතා කරන්න මගෙ නම්බර් එක ඩයල් කරගන්නකො...

මං නම්බර් එක ගහල දෙද්දි මතීශ ඒක ෆෝන් එකේ ගහගත්තා... මමත් එලියට ඇවිත් මගෙ අතේ එල්ලිලම ඉන්න මතීශ දිහා බැලුව.... ලාවට කම්මුල් රතුවෙලා... මං රෝසපාට පිම්බුන කම්මුලකින් හාද්දක් තියල ඉක්මනට වාහනේට නැග්ගා..... පේන්නෙ නැතුව යනකල්ම මතීශ එබිල බායි කියනව දැක්කම මට හිනාවක් ආව...

Mr. Mysterious! || yizhanWhere stories live. Discover now