මතීශ කාර් එකෙන් බැහැල දුවන් යද්දි මාත් කාර් එක පාක් කරල ඇතුලට ගියා... අපි ඉඳන් හිටපු ටේබල් එකේ ලොකු වලියක් යද්දි මං ඉක්මනට එතන්ට ගියා.... බලද්දි රයනුයි සදීශයි.. යකෝ මුන් දෙන්නගෙ වැඩේ මරාගන්නෙක... මං පාඩුවෙ ගිහින් ඉඳගද්දි මතීශ මං දිහා බල බල ගෙනාපුවා ෆ්‍රිජ් එකේ අහුරන්න ගත්තා.....
මං දිහා බලනව...
එක බඩුවක් ගන්නව අහුරනව...
ආය මේ පැත්ත බලනව...
බඩුවක් ගන්නව අහුරනව...
හිනායන්න ආවත් මං කට තද කරන් මෙනූ එක බැලුවා... බලල එතන ඉඳපු කෙල්ලෙක්ට කතා කරා...
මට මේ ටික ඕන... දැන්ම.. ඒ වගේම මං කැමතී ඒක මතීශ අතින් හැදෙනවනං... ම්ම් ?
හරි සර් විනාඩි කීපයක් දෙන්න..
අර කෙල්ල අඩියට දෙකට මතීශ ගාවට දුවල යද්දි මං මගෙ ඇස් දෙකට කෙලින්ම පේන්න ඉන්න කෙනා... ඒ කිව්වෙ අයූ... නෑ... මගෙ අයූ... දිහා බලන් හිටියා... අර කෙල්ල එයා ගාවට දුවල එද්දි ඇස් හීන් කරල ඒකි දිහා බලන් ඉඳල මං දිහා බැලුව.... argh... I love the way you look at me.. ඊටපස්සෙ එයාගෙ ඇඳුමෙ අත්දෙක පිහාගත්ත මතීශ ඉක්මනට ලෑස්ති කරන්න ගත්තා... ලාවට වවපු කළු කොණ්ඩෙ මූණට වැටෙද්දි මට ඒක හදන්න තරන් හිතුන....
ඒත් මං මතීශට ලං උනොත් එයාගෙ ජීවිතේට ඒක ප්‍රශ්නයක්.... මේ කතාව තාම පටන්ගත්තෙ නෑ.. තාම හරියට ඉන්ට්‍රො එකක්වත් දීල නැතුව කොහොමද මං මගෙ අයූව පරිස්සං කරන්නෙ... අනික දෙයියනෙ මේ සාමාන්‍ය ලෝකෙට එයා අහිංසක වැඩී.. එහෙම එකේ underworld එකට?... ඒක දිගින් දිගටම මාව කල්පනාවකට ඇදන් ගියා... මං ඒත් අවදානෙ වෙනස් නොකර දිගටම බලන් හිටියෙ මතීශ දිහා වෙද්දි එයත් සැරෙන් සැරේ මං දිහා බැලුව... මං බලන එක අව්ල්ද කොහෙද... ඒත් කරන්න දෙයක් නෑ... මට අහක බලන්න හිතෙන්නෑ කොල්ලො සොරි...
YOU ARE READING
Mr. Mysterious! || yizhan
Non-Fiction:වැරදි මොහොතක හරිම හදවත් පමා වී හැප්පීම ප්‍රේමයේ පුරුද්දය කියනවනෙ රයන්... සමහරවිට මේකත් මෙහෙම වෙන්න ඇති... ඒත් මට දරාගන්න බෑ බං... මං කොහොමද බං දරාගන්නෙ.. මාෆියා හෙඩ් මෙහෙම කොල්ලෙක් හින්ද කවද්ද බං වැටුනෙ ? මං මුලින් මරන්න හොයපු කොල්ලා... ඉ-ඊටපස්සෙ ම...