01. කොටස

165 29 0
                                    

.................Author pov………………

"යුවී .... පහලට එන් නැද්ද !"

මිසිස් සතරසිංහ පුරුද්දට වගේ කොයි තරම් කෑ ගැහැව්වත් මේ හැන්දෑ යාමෙ පුතන්ඩියා ගෙදර නෑ කියන්න මිස්ටර් සතරසිංහ නම් හොදටම දන්නව. තාත්තා වුනා උනත් පුතාගෙ මේ හැන්දෑ යාමෙ ගමන් නතර කරන්න නම් මිස්ටර් සතරසිංහට බැරි උනා. දවසම බිස්නස් වැඩ එක්ක ඔට්ටු වෙන යුවී මැදියම් රෑ වෙනකල් හිටියෙ ක්ලබ් එකක. එහෙමත් නැත්තං එයාගෙම හොටෙල් එකක vip bar කව්න්ටර් එකේ.

මිසිස් සතරසිංහගෙයි මිස්ටර් සතරසිංහගෙයි එකම පුතා . දඩබ්බර යුවී... නොහොත් " දීලක යුව්රාජ් සතරසිංහ."

කව්රුවත් කියන කිසි දෙයක් සතේකට මායිම් නොකරන මේ දඩබ්බරයාගෙ මුලු ලෝකෙම උනේ බිස්නස්. ඉන් එහා දෙයක් ගැන හිතන්නවත් විනෝදයක් ගැන හිතන්නවත් යුවීට උවමනා උනේ නෑ. අවුරුදු 35 ක් වෙලත් තවමත් ගෙවන්නෙ සෙල්ලක්කාර ජීවිතයක්. හැබැයි එයා බිස්නස්මන් කෙනෙක් විදිහට නම් සෑහෙන්න සාර්ථකයි. ඉහල පැලැන්තියේ සල්ලිකාර මිනිස්සු අතර යුව්රාජ්ගෙ නම කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. විශේෂයෙන් තරුණ ගෑනු ළමයි. ඒත් යුවී නෙවෙයි ඒ කිසිම කෙනෙක්ව ගනන් ගත්තෙ.

" පුතා ගෙදර නෑ කියල ඔයා දන්නවනෙ නෝනෙ "

"අනේ අපෙ මහත්තයා මේ කොල්ල තවම හිතන් ඉන්නෙ පොඩි එකෙක් කියල ද... දැන් අවුරුදු 35 ත් පනින්න ළගයි. කවද්ද දෙයියනේ මේ සෙල්ලක්කාරකම් වලින් අයින් වෙලා වගකීමක් ඇතුව වැඩ කරන්නෙ. "

"එයා වගකීමක් නැති ව වැඩ කරනව නම් අද මේ වගේ තැනක ඉදී ද නෝනෙ... අපි පුංචි තැන ඉදන් පටන් ගත්තු මිනිස්සු."

ඇත්ත ... සතරසිංහලා කියන්නෙ උපතින්ම ධන කුවේරයො නෙවෙයි. අද එයාලා මෙතන ඉන්නෙ එයාලගෙම උත්සාහය නිසා. අතීතෙ දි මිස්ටර් සතරසිංහ සාමාන්‍ය හෝටල් කරුවෙක් විදිහට ව්‍යාපාර ගොඩ නගද්දි වර්තමානයේ යුවී ඒ දේවල් තව තවත් පුලුල් කරලා JK hotels සමූහයේ නම ඉස්සරහට ම අරන් ආවා.

"අපෙ මහත්තයා පොඩි කාලෙ ඉදන් යුවීව ඕනවට වඩා හුරතල් කරපු නිසා තමයි මේ සේරම.  "

The Last Wish ! (Completed)Where stories live. Discover now