එයා කෑම එක කන්නෙ නැතුව ගෑරප්පුවෙන් එහා මෙහා කර කරා ඉන්නෙ ඇයි ... ?
"මොකක් හරි ප්‍රශ්නයක් ද මිස්ටර් තිළිණ ? තව මොනාහරි ....??"
"අහ් නෑ.. මට... මට තනියම කෑම කාලා පුරුදු නෑ. ඔයාට...පුළුවන් ද මාත් එක්ක කෑම කන්න එන්න."
මොනාද මේ කොල්ලා කියවන්නෙ. මං කවදාවත් එහෙම වෙන කෙනෙක් එක්ක කෑම කාලා නෑ. ඇත්තටම මං කෑම කන්නෙ තනියම මගේ පාඩුවෙ. අනික මෙතන මං එක කෑම එකයි ලෑස්ති කලේ..
"ඒත් මිස්ටර් තිළිණ .. මෙතන තියෙන්නෙ එක කෑම එකයිනෙ.. ? "
"අහ්... ඒකට කමක් නෑ.. මං යාලුව එක්ක ඉදිආප්ප කෑව..ඉතිං මට ඒ තරම් බඩ ගින්නක් නෑ.. ඔයාට පුළුවන් මාත් එක්ක මේක බෙදාගන්න.."
ඉදි ආප්ප...?? චීප් කෑමක් නෙ.... අර්ශ්.. එනිවේ.. බෙදාගන්න.. ? එක කෑම ප්ලේට් එකක්...? මං වගේ කෙනෙක් ? No way... කවදාවත් ම වෙලා නැති දෙයක් ඒක. මං කව්රු කියල ද මේ කොල්ලා හිතන් ඉන්නෙ. ඒත් ඒ කොල්ලගෙ ආයාචනාත්මක ඇස් දැක්කම මට ඒ ඉල්ලීම අහක දාන්න හිතුනෙ නෑ. මං මේසෙ අනික් පැත්තෙ නිකන් නමට වාගෙ තියල තිබුන පුටුව අරන් ඒ පොඩි කොල්ලා ගාවින් වාඩි උනා.
සුවදයි... එයා ගාව පුංචි බබෙක් ගාවින් එනව වගේ සැර නැති සනීප සුවදක් එනව. ඒක ... ඒක අර්ශ්හ්...
"එක ගෑරුප්පුවයිනෙ තියෙන්නෙ ..."
පුංචි කොල්ලා එහෙම කියද්දි තමයි මට ත් ඒක මතක් උනේ.
"ඒකට කමක් නෑ... මං ඔයා කෑම කනකල් තනියට ඉන්නං."
කොල්ලගෙ ඇස් දිලිසුනා. ඔව් මං හොදටම දැක්කා. මොකක්දෝ අලුත් බලාපොරොත්තුවක් ඒ ඇස් වල දීප්තිමත් ව ඉපදිලා තිබ්බා. කොල්ලා ඊලගට කරපු දේ නම් මට හිතා ගන්නත් බැරි උනා. කොල්ලව සප්‍රයිස් කරන්න ආව මාව දැන් මේ කොල්ල සප්‍රයිස් කරන්න පටන් අරන් වගේ.
කොල්ලා ෆෝක් එකට පටල ගත්ත ස්පැගති ටිකක් මගෙ කට ගාවට ලං කලා.. දැන් මං මොකද කරන්නෙ.. මං ...මට ...කව්රුවත් මීට කලින් මෙහෙම කවල නෑනෙ. ප්‍රීස්කූල් යද්දි අම්මා කැව්වට පස්සෙ මේ පලවෙනි වතාවද ?
මටත් අවනත නැතුව මගේ කට ඇරෙද්දි කොල්ලා ස්පැගති ටික මගේ කටේ එබුවා. ඒ කරලා එයත් ආයෙම කටක් කෑවා. යාහ්... එහෙම කොහොමද... කෙනෙක් කාපු එකකින් කන්නෙ.. ?
![](https://img.wattpad.com/cover/368250529-288-k686244.jpg)
YOU ARE READING
The Last Wish ! (Completed)
Short Story"අවසානයක් නොවුණ අවසානයකින් හමුවුණු , අහස පොළොව මෙන් වූ හදවත් දෙකක් අතර ආදරණීය කතාවක ආරම්භය ... !"