06. කොටස

117 23 1
                                    

"අහ් මෙන්න....ලෑස්ති වෙන්න..!"

හවස මගේ රූම් එකට කඩා පාත් උනේ කීයටවත් බලාපොරොත්තු උන කෙනෙක් නම් නෙවෙයි. තනි සුදු ඇදගත්තු ටැටූ කාරයා මොකද්ද බෑග් එකක් මගෙ අතින් තිබ්බා.

"මොකද්ද මේ...  සුදු ඇදුමක් ... කොහෙ යන්න ද ලෑස්ති වෙන්න කියන්නෙ..?"

මං ඇහැව්වෙ  බෑග් එක ඇතුලෙ තිබ්බ සුදු ඇදුම දැකල.

"තියෙන්නෙ නම් ඔයාට පේන දේ තමා.. යන්නෙ කැළණි පන්සල්.."

"කැළණි පන්සල් ?"

"හ්ම්ම්... ඇයි යාලුව එක්ක කිව්ව නේද යන්න ඕන කියල. මං ඩොක්ටර්ගෙන් අවසර ගත්තා.. "

ඒ කියන්නෙ එයා දවල් ඇවිත්.. අපි කතා කරපුවත් අහන් ඉදල.

"ඒත්... මං ... එකපාරට කො..."

"මගෙ හිත වෙනස් වෙන්න කලින් ලෑස්ති වෙලා එනව.. නැත්තං මං යනව ආපහු."

මට ඇත්තටම කැළණි පන්සල් යන්න ලොකු වුවමනාවක් තිබ්බා. ඒ හින්දම ආයෙ ප්‍රශ්න නාහා මං වොශ් රූම් එකට ගියෙ ලෑස්ති වෙලා එන්න.  ඒත් මේ හදිසියේ මගෙ ජීවිතේ ට ආව ආගන්තුකය මට ලං වෙනව වැඩී වගේ දැනෙන්නෙ ඇයි.

.
.
.
.
.
.
මං ටැටූ කාරයා මට ගැනැවිත් තිබුන ඇදුම ඇදන් වොශ් රූම් එකෙන් එලියට ආව. ඇත්තටම ඒක මට හරියන්නම තිබුනා කියන්නත් බෑ. ශර්ට් එක ටිකක් ලොකු වැඩී වගේ. ඒත් කමක් නෑ. වෙලාවෙ හැටියට මට මේ ගමන් යන්න තිබ්බ නම් ඇති.. අනික පන්සල් යන්න ඒ හැටි හැඩ වෙන්න ඕනයැ.

"හරි... "

ෆෝන් ස්ක්‍රීන් එකට මූන ඔබාන හිටපු එයා මා දිහා බැලුවෙ මගෙ කටහඩ ට. තප්පරයක් දෙකක්... තුනක්...  එයා මා දිහා බලාන හිටියා..

"ම්හ්ක්... ම්හ්ක්.... සර් අපි යමු.. !"

"අහ්..ම්...  ම්ම්ම්.... හරි ය... යමු... "

එයා කලබලෙන් කලබලෙන් වාගෙ කියල මාවත් එක්කරන් පාකින් එකට ගියා. දැනටමත් හවස 6 පහු කරල තිබුන නිසා ටිකක් කලුවර වැටිලා.  ඒත් මගේ ජීවිතේ තරම් නම් නෑ.

තේමියට කියන්නත් බැරි උනා.. මාව හොයයිද දන්නෑ. රෑට කෑමත් අරන් එයි.. මට පණිවිඩයක් තියල එන්නයි තිබුනෙ.

The Last Wish ! (Completed)Donde viven las historias. Descúbrelo ahora