07. කොටස

125 28 4
                                    

එයාගෙ අත මගෙ අතේ දැවටුනේ හීනෙන් වගේ. සීතලයි.. එයාගෙ සීනිදු අත් සීතලයි. එයාගෙ සුදුමැලි පෙනුමට හරියන ම තරම්.. ඔව්...මං එයාව මුලින්ම දැක්ක දවසට වඩා එයා දැන් ටික ටික සුදු මැලි වෙලා. මං නොහිතපු වෙලාවක එයා මගේ අතිනුත් ඇදගෙන ඇවිදන් යනව.. ගිහින් නතර උනේ එකම එක සුදු නෙලුම් මල් මිටක් විතරක්ම තියාන ඉන්න වයසක ගෑණු කෙනෙක් ළග.

"යුවී...  අපි මේ සුදු නෙලුම් මිට ගමු ."

"අහ්...?"

මොකක් කියල ද එයා මට කතා කලේ... ඔව් එයා මට කතා කලේ එහෙම ... මට හරියට තමයි ඇහුනෙ. මං ආයෙම අහන්න ඕන වගේ බැලුවත් එයා ඒක ආයෙම කිව්වෙ නෑ.

"මෙතනින් ගමු...!"

"ඒත්... අතන ඕන තරම් මල් තිබුන නෙ. මේව ටිකක් පර වේගනත් එනව වගේ."

මං කියපු එක ටිකක් සද්දෙන් කියවුනා.. ඒක ඒ ගෑනු මනුස්සයාටත් ඇහුනා.

"පරවෙලා නෑ මහත්තයෝ.. මේ හවස අරන් ආවෙ.  මේ හවස අව්ව සැරට පරලු වේගන ඇවිත්. වතුර ඉහින්න මට නැගිටින්න බෑ නෙව. "

ඇත්ත ඒ ගෑනු කෙනා හිටියෙ වීල් චෙයා එකක.

"දැන් රෑ බෝ වෙලා නොව... කමක් නෑ මහත්තයන්ලා ඔය කඩ පේලියෙන් ගන්ට... බුදුන්ට පරලු උන මල් තියන්න එපා.. මාත් මේ යන්ට කියල. "

මං  දැක්කා කොල්ලගෙ මූන අමුතු වේගන එනව.. ඔව් එයාට දුක හිතුනා. මෙච්චර තකහනියෙ කොල්ලා ආසාවෙන් හිටපු ගමනක් එක්ක ඇවිත් කොල්ලා දුකින් ඉන්නව බලන්න ඕන නෑ මට.

"කමක් නෑ ... ඕක දෙන්න "

මං ඒ වයසක ගැනු කෙනාගෙන් මල් වලට කීයද කියලවත් නාහා පන්දාහෙ නෝට්ටුවක්ම දීලා ඒ මල් ටිකත් අරන් ආයෙ කඩ පේලියෙන් හොද මලුයි හදුන්කූරු පොල් තෙල් අනම් මනම් ටිකකුත් ගත්තා.

"යුවී... ඔයා දැක්කද ඒ වයසක අම්මගෙ සතුට... ඔයා කරගත්තෙ ලොකු පිනක්.. ඒ අම්මට වැඩිත් එක්ක ඒ ගාන.. මං හිතන්නෑ එයාට අද දවසටම ඒ තරම් ගානක් හම්බෙන්න ඇතීයි කියල "

"හ්ම්ම්...."

මං මොකුත් නොකියා ඒ කතාව එතනින් නවත්තන්න හැදුවත් කොල්ලට නම් තවම කතාව නවත්තන්න උවමනාවක් නෑ වගේ.

The Last Wish ! (Completed)Où les histoires vivent. Découvrez maintenant