08. කොටස

121 27 0
                                    

එයාගෙ ලොකු අත් වලට මගේ පුංචි අත් මැදි වෙද්දි මට ලෝකෙම තියෙන ආරක්ෂාව ලැබුනා වගෙයි දැනුනෙ. ඒත්... මේ ....  එපා... එපා.... ඔයා මට ළං වෙන්න හදනව නම්.... ඒක කරන්න එපා දෙයියනේ ...  ඒකෙන් දුකක් ඉතුරු වෙන්නෙ ඔයාටමයි... මං ....මං ඒක ඔයාට කියන්න ඕනිද... මං...

"මොනවද ඔය බය වෙලා වගේ මූණක් හදාගෙන කල්පනා කරන්නෙ ?"

" නැ... මොකුත් නෑ.. ඒත් ....,"

"ම්ම්ම්.....?"

දෙපාරක් නොහිතා මොහොතකට එයාගෙ උරහිස් වලට බර උනා. ලෝකෙම තියෙන සැනසීම... මට ඔයාගෙ උරහිස් උඩදි ඒ විනාඩි ගානෙදි දැනුනා කිව්වොත් ඔයා පිලිගන්නවද ?

මං මොකුත් ම නොකියා එයාගෙන් ඈත් වෙලා  මගේ අත එයාගෙ අත් වලින් නිදහස් කරගත්තා.

තව විනාඩි ගානක්... පැයක්... දවසක්.... අවුරුද්දක්.... ඕන තරම් වෙලාවක් ඔයා එක්ක මට මෙතන මෙහෙමම ඔයාගෙ උණුහුමේ ඉන්න පුළුවන් තරමෙ හැගීමක් දැනුනත් .. අකමැත්තෙන් හරි මට ඒ හැගීම් වලින් ඈතට දුවන්න වෙනව. ඒකට හේතුව ඔයා දන්නව... මට වැඩි කාලයක් නෑ. මං ඉක්මනින්ම හැමෝගෙන්ම ඈත් වෙලා යනව. තව ටික දවසයි... ඉතිං ඒ ටික දවසට බැදීම් ඇති කරන් මං ඒ බැදීම් වලින් නිදහස් වෙලා ගියාට පස්සෙ ඔයා එක තැන ඉදන් ඒ බැදීම් අස්සෙ දුක් විදිනව බලන්න බෑ මට. එදාට මට පේන එකක් නැති වෙයි.. ඒත්... ,  මගේ අවසන් හුස්ම පොදවත් මං සැනසිල්ලේ අතාරින්නෙ කොහොමද ?  ඒ වෙද්දි  " ඔයා " කියල කෙනෙක් මගෙ ජීවිතේ ට නැතිවම බැරි වෙලා තිබුනොත්....   ඇත්තටම මට ඒ ගැන හිතන්නවත් ඕන නෑ. ඒක ඒ තරම් වේදනාවක් ....

"අපි යමු...!"

හිතේ දාහක් හැගීම් ගොලු වෙද්දි මං හැගීමක් දැනීමක් නොදැනෙන ගානට එතනින් නැගිට්ටා. ඔව්... මේක අවසාන හමුවීම වෙන්න ඕන.. තව දුර යන්න බෑ.

.
.
.
.
.
.
.
.
.
.

රෑ මං හොස්පිට්ල් එකට එද්දි තේමිය රූම් එක ඇතුලෙ වාඩි වෙලා හිටියා. 

"කොහෙද යකෝ උබ ගියෙ..  මං කොයිතරම් බය උනා කියල දන්නවද?"

"ම්ම්.... ඇයි හොස්පිට්ල් එකෙන් කිව්වෙ නැද්ද ?"

"කිව්ව කිව්ව.. අර මිනිහා ඇවිත් උපාසක උන්නැහේව පන්සල් එක්කන් ගියා කියල. "

The Last Wish ! (Completed)Waar verhalen tot leven komen. Ontdek het nu