10. අවසාන කොටස

232 37 45
                                    

සුදුපාට එළියක් අතරින් මං මගේ ඇස් පියන් ඇරගත්තෙ පුදුම තරම් අමාරුවෙන්. මගෙ ඇගට කලින් දැනුන වගේ කිසිම වේදනාවක් දැනෙන්නෑ.. මාස ගානක් මට තිබ්බ ඇග පතේ අමාරුකම් මොකුත් දැනෙන්නෑ වගේ. ඒ කියන්නෙ මං ආව ද ? මං අපායෙද.. නෑ නෑ වට පිටේ තියෙන ඔක්කොම සුදු පාටයි.. එතකොට මේ දිව්‍යලෝකෙද ? දෙවිවරු මා දිහා බලන් ඉන්නවද දන්නෑ..

කව්ද මංදා සුදු පාට ලෝගුවක් ඇදගත්තු තඹ පාට කොණ්ඩයක් තියෙන සුදුම සුදු ගෑනු කෙනෙක් ඉංග්‍රීසියෙන් කතා කරනව. ස්කෝලෙ යන කාලෙ english පීරියඩ් එක කට් කලාට කැම්පස් එකේ ලෙක්චර්ස් ඔක්කොම ඉංග්‍රීසි භාශාවෙන් තිබුන නිසා මගෙ ඉංග්‍රීසි දැනුම ටිකක් හොද මට්ටමක උනා.. ඉතිං මට ඒ කියන දේවල් තේරෙන්න ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ. හරි සිහිය ලැබෙන්න ගියපු පරක්කුව විතරයි. ඒත් දෙවියොන්ගෙ භාශාවත් ඒකද... අහ්.... දැන්නෙ දැක්කෙ මේ කෙනා කණ්ණාඩිත් දානව. අර්හ්.. එයාගෙ බෙල්ලෙ එල්ලිලා තියෙන්නෙ මොකක්ද.. .මං ටිකක් ඇස් පොඩිකරල බැලුවා. එයා ඩොක්ටර් කෙනෙක්..

"He regained consciousness doctor !"

කව්ද ඒ... ඔච්චර වෙලා ඇහුන ඩොක්ටර්ගෙ කටහඩට අමතරව මට තව කටහඩක් ඇහුනා.. කව්ද ඒ මට සිහිය ආවා කිව්වෙ. මං පොඩ්ඩක් ඔලුව එහෙට මෙහෙට හරවල බැලුවෙ කටහඩ ඇහුන පැත්ත. .ඔව් මං එයාව දන්නව....දෙයියනේ මං මේ මනුස්සයාව දන්නව... ඒ එයා....!

" මගෙ රත්තරන්... ඔයා හොදින්... "

දෙයියනේ ... මාව... මාව ආයෙත් සිහි නැති වෙන්න වගේ.. මගෙ ජීවිතේ මං එහෙම වචනයක් අහපු පලවෙනි වතාව මේ... මං මං... ඇත්තටම ජීවතුන් අතර නෙවෙද ? මට දැන් අහන්න ඕන එකම එක ප්‍රශ්නයක් ....

"මං.. මැරිලද... ? "

මට ඇහුනා එයා හිනා වෙනව.. මං විහිලුවක් නම් නෙවෙයි හැබැයි කලේ...

" තුන් වෙනි දවසටත් ඔයා ජීවත් වෙනව කොල්ලො..."

මොකක්... ? මගෙ මතකෙ හරි නම් මට ඉතුරු වෙලා තිබුනෙ දවස් 2 යි... ඒ කියන්නෙ..... ඒ කියන්නෙ..... මං .....

" අදට විතරක් නෙවෙයි.. හැමදාටම .... කවද හරි අපි දෙන්නා ගෙ කොණ්ඩෙ සුදු පාට වෙනකල්ම.... කොන්දෙ අමාරුවට බෙහෙත් ගන්න ඩිස්පැන්සරි ගානෙ යනකල්ම ... "

The Last Wish ! (Completed)Where stories live. Discover now