05. කොටස

125 25 1
                                    

" යුවී... නැගිටින් නැද්ද පුතා.... අද හොටෙල් එකට යන් නැද්ද?"

පහුවදා උදේ අටට විතර වෙනකොට අම්මා මේ මාව නැගිට්ටවන්න හදන්නෙ මං ඊයෙ රෑම නිදි නෑ කියල දන්නෙ නැතුව. මට යාන්තමින් ඇස් පියවුනේ පාන්දර හතරට විතර. පැය දෙක තුනක් නිදාගෙන නැගිටිනව කියන්නෙ එදා දවසට සව්ත්තු වෙන එක ආයෙ අහන්න දෙයක් නෙවෙයි.

" අද යන්නෑ අම්මා... මට ටිකක් මෙහෙම ඉන්න දෙන්නකෝ.."

"මොකද පුතා මේ කවදාවත් නැතුව... ? ඊයෙ රෑට කාලත් නෑ."

ඔව් ඊයෙ ගෙදර ආවාට පස්සෙ මම ආයෙ කෑවෙ නෑ. මං මගින් කාලා ආවෙත් නෑ. අර කොලුව එක්ක කාපු ටික විතරමයි.. ඇත්තටම මගෙ බඩ පිරිලයි තිබුනෙ. මට බඩ ගින්නක් දැනුනෙම නැති තරම්.. ඊටත් එහා මං හිතන්නෙ කවදාවත් නැතුව මගෙ හිත පිරිලා.

"මොනවද ළමයෝ කල්පනා කර කර තනියම හිනාවෙන්නෙ "

"හිනාවෙනව...? මං හිනා උනාද ? "

"නැතුව... මට නම් පේන්නෙ මගෙ ලේලිව හම්බවෙලා වගේ "

"ලේලි...? අම්මත් මොනා කියවනවද මං දා.. එහෙම එකක් නෑ... "

"නැති වෙන්න බෑ..."

"අනේ අම්මා... මට ඉන්න දෙන්නකෝ."

මං කිව්වෙ මොකක්දෝ ලැජ්ජාවක් වගේ හැගීමක් නිසා කොට්ටෙට මූණ ඔබාගෙන මූන හංගගන්න ගමන්.

"හ..හා..... දවසක දැන ගන්න හම්බෙයිනෙ අපිට... මං බලන් ඉන්නව මගෙ කොල්ලගෙ මූණට හිනාව අරන් ආව ඒ ළමයව හම්බෙන්න.."

"යන්නකො අම්මා...!"

මට ඇහුනා අම්මා මට පුංචි පුංචි නෝක්කාඩු කිය කියාම කාමරේ දොරත් වහගෙනම එළියට යනව. මං දන්නව දැන් අම්මා ඕක තාත්තගෙ කනෙත් තියල තමයි නතර වෙන්නෙ. මට හිතා ගන්න බෑ අම්මා මාව කියෙව්වා වාගෙ හරියටම දැන ගන්නෙ කොහොමද කියල. මගෙ පුංචි වෙනස් කමක් උනත් එයා හරි ඉක්මනට අදුන ගන්නව. මං හිතන්නෙ අම්මලාට ඒ වෙනුවෙන් වෙනම කෝස් එකක් තියෙනවද කොහෙද. අපෙ අම්ම නම් ඒකෙන් ෆස්ට් ක්ලාස් ඩිග්‍රි එකක්ම අරගෙනයි තියෙන්නෙ. ඒක නම් මට හොදට ම විස්වාසයි.

.
.
.
.
.
.
.
උදේ වරුවම ඇදේ එහෙමම පෙරලි පෙරලි ඉදල දවල් වොශ් දාං එහෙම මං සැහැල්ලු ඇදුමක් දාගත්තෙ හරියට ට කොහෙද යන්න යන්නෙ කියල ගමනාන්තයක් නැතුව. පීටර් එක්කත් නැතිව මං කාර් එක අරන් එළියට බැස්සෙ තනියමමයි. ඒත් අන්තිමට මගේ ගමනාන්තය උනේ අර බය නැති කොල්ලා නැවතිලා ඉදපු හොස්පිට්ල් එක.

The Last Wish ! (Completed)Where stories live. Discover now