09. කොටස

125 27 2
                                    

මං පහුවදා හොස්පිට්ල් යද්දි තිළිණ එහෙ හිටියෙ නෑ. එයාගෙ  රූම් එකේ තිබ්බ එයාගෙ ඕඩ්ක්ලෝන් සුවද වත් නැති වෙලා ගිහින් නෑ. කව්න්ටර් එකෙන් කිව්වේ තිළිණ අද උදේම ගෙදර ගියා කියල. මං හිටියෙ හිස් වෙලා තිබ්බ එයාගෙ රූම් එක දිහා හිස් බැල්මෙන් බලාගෙන. ඩොක්ටර් කිව්වෙ එයාට තියෙන්නෙ තව දවස් දෙකයි කියල !

"මේ මිස්ටර් දීලක ?"

රූම් එක ඇතුලට ආව නර්ස් කෙනෙක් කතා කලා.

අවුරුදු ගානකට පස්සෙ මගේ ඇස් කෙවෙනි තෙත් කරපු ඒ කදුලු බින්දුව සමාජෙ ඉස්සරහ ඔහේ කම්මුල දිගේ ගලාන යන්න දීලා මං බලාගෙන හිටියා. හොටෙල් ෆීල්ඩ් එකේ අංක එකට ඉන්න දීලක යුව්රාජ් සතරසිංහ අඩනව... ?  ඔව් ... මටවත් නිනව් නැතුව එකින් එක උනන රස්නෙ කදුලු බින්දු මගේ රලු පිරිමි කම්මුල් දිගේ ගලාගෙන යනව.

"මේ රූම් එකේ හිටපු පේශන් මේක දෙන්න කිව්ව."

නර්ස් දෙකට තුනට නවාපු සුදුපාට කඩදාසියක් මගෙ අතින් තිබ්බා.  මොකක්ද තිළිණ මේ වෙන්නෙ.... මං මොහොතකට ගල් ගැහුනෙ කොල කෑල්ලෙ තිබුන බෝල අකුරු ටික දැකලා.

.
.
.

වෙන්ව යන ඉම මා දෑස මානෙම වේ
තෙමෙන උරහිස මේ නුඹට වාරුව වේ
රිදෙන රිදවන වේදනාවන් හමුවේ
කෙලෙසකද බැඳුනේ ආලයෙන්
අපිට අපි හිමි නැති මඟේ කෙළවර ද හැඳිනූයේ
නුඹව අත හැර යනෙන බැව් දැන කිම ද තව ළං වූයේ..!

                            - මං... තිළිණයක් නොවූ තිළිණ..-

.
.
.
.

මට හොදටම මතකයි... ඒක මිහිරාන්ගෙ සින්දුවක කොටසක්... වචනෙන් වචනෙ මගේ කන් වල දෝංකාර දෙන්න ගත්තෙ විරහවක පදවැල් මගෙ ජීවිතේට ගැලපුනේ කොහොමද කියල හිතා ගන්න බැරුව.

අයාලෙ පාවෙලා යන අගුන මලක් වගේ තිබ්බ දඩබ්බර මගේ ජීවිතේ ට මහ ලොකූ බරක් එකතු උනා වගේ. මොකද්ද මේ... ඇත්තටම ... මං ඒ කොල්ලට ආදරෙයි ද.. ?  ඒ  හැගීම මට කලින් අදුන ගත්ත නිසාද එයා අයින් වෙලා යන්න ගියේ.. දෙයියනේ ...  ඔයා හැගීම් වලින් පැනල ගියේ මට එදාට රිදෙයි කියල නම් පුංචි කොල්ලො........,
ඔයා මගෙ ඇස් මානෙ නැති උනාම මට කොයි තරම් රිදෙයි ද කියල තප්පරයකටවත් හිතුවද?

The Last Wish ! (Completed)Where stories live. Discover now