02. කොටස

127 23 0
                                    

.
.
.
.
.
පහුවදා උදේ මං හොස්පිට්ල් එකට කෝල් කලේ ඊයෙ රෑ මං නිසා ෆේන්ට් උන කොල්ලගෙ තත්වෙ ගැන පොඩ්ඩක් හොයල බලන්න. උදේ කිව්වට නවය දහය විතර උනේ රැ ගත්ත බ්‍රෑන්ඩ් එකේ හොද කමට සැපට නින්ද ගිය නිසා. මට සාමාන්‍යයෙන් නින්ද යනව අඩුයි. මානසික ආතතියට බෙහෙත් ගන්න කෙනෙක්ට ඒක කොහොමත් සාමාන්‍ය දෙයක්. කොයි තරම් සල්ලි තිබුනත් මට සැනසීම කියන දේ නම් හොයාගන්න බැරි උනා. හිනා වෙච්ච දවස් ඕන තරන් තිබුනත් හිතට එකගව හිනා උන දවසක් මට ඇත්තටම තිබුනද කියල කල්පනා කරන්න තරන් වත් නිදහස් වෙලාවක් මට නෑ.

"මොකක්... "

"ඔව් මිස්ටර් දීලක ... පේශන් උදේ ඩිස්චාජ් උනා."

"මූ මාර මිනිහෙක්නෙ.. එනිවේ.... ප්‍රශ්නයක් නෑනෙ."

"ඒක තමයි . "

"ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ද ? මිනිහා මට නඩු දැම්මද ?"

"ආ  නෑ නෑ... එහෙම දෙයක් නෙවෙයි. මේ පේශන් මිස්ටර් දීලකගෙ කව්ද ?"

"අදුරන කෙනෙක් නෙවෙයි ඩොක්ටර්.. ඇයි... ??"

"එයාට හතරවෙනි අදියරේ බ්ලඩ් කැන්සර් එකක් තියෙනව. ඇත්තම කිව්වොතින් එයාට තියෙන්නෙ තව බොහොම පොඩි කාලයක්."

ඩොක්ටර් ඒ ටික කිව්ව විතරයි මගේ ඉතුරු වෙලා තිබ්බ සැනසීමත් වාශ්ප වෙලා යනව වගේ මට දැනුනෙ. ඒ වෙලාවෙ තමයි මට මං ගැන පිලිකුලක් ඇති උනේ... ඒකද එයා ඒ කිව්වෙ... ඔව් මට ලාවට වගේ මතකයි එයා කිව්ව අවසාන කැමැත්තක් ගැන.  රිච් බෝයි කෙනෙක් ට ඒ වගේ අවසන් කැමැත්තක් තියෙන්න පුළුවන් ද ?

"පේශන්ගෙ ඩීටේල්ස් ?"

"අහ්... එයාට සිහිය ආව වෙලේ අපි ඩීටේල්ස් ගත්තා. "

"ගුඩ්... මට මෙයිල් කරන්න "

"ඒත්... ඒක අපෙ හොස්පිට්ල් එකෙ නීති වලට ...

"බෑන්ක් අකව්න්ට් ඩීටේල්ස් දාන්න ඩොක්ටර් "

"ම්ම්... ඕකේහ් මිස්ටර් දීලක .. මං මෙයිල් කරන්නම්.."

සල්ලි... ! හහ් .. හැමදේම ඒකට යටයි.. මිනිස්සු මොන තරම් ඉක්මනට ඒවට ලොල් වෙනවද.. නීති රීති කඩන්න තරම්. කෑදර මිනිස්සු සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරයි. ඒත් ඒ කොල්ලා...? ඒ කොල්ලා කෙලින් කතා කලේ සල්ලි වෙනුවෙන් නෙවෙයි. එයා දන්නෙවත් නෑ මං කව්ද කියලවත්. මං එයාව හම්බෙන්න  ඕනද... එයාගෙ අවසන් කැමැත්ත ගැන මට දෙයක් කරන්න පුළුවන් වෙයි ද ?

The Last Wish ! (Completed)Where stories live. Discover now