𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭3°•.

85 21 28
                                    

𝙼𝙰𝚂𝚀𝚄𝙴𝚁𝙰𝙳𝙴.•°5🎭3°•.

ᴍᴇᴍᴏʀɪᴇꜱ ʙʀɪɴɢ ʙᴀᴄᴋ

එක මොහොතකදි මගේ ජිවිතේ නතර වෙනවා වගේ මට දැනෙන්න ගද්දි ආයේ ඇස් අරින්න පවා මම අකමැති වෙද්දි මට ඕන විදියට ඒ කිසිදෙයක් වෙන්නැ.....මට තද නින්දක ඉන්න ආස හිතෙන තරමටම වේදනාවක් මට දැනෙනවා ඒත් ඇගට නෙවෙ එ වේදනාව දැනෙන්නෙ.....මම ශක්තිමත් කොල්ලෙක් වුනත් හදවත කියන්නේ ඒ ශක්තිමත් බව හීන කරලා දාන්න පුළුවන් තැනක්....මම ඉස්සෙල්ලම වචන වලින් පලවෙනියටම කෙනෙක්ව රිද්දුවේ ඇකඩමියෙදි......එක අහිංසක ළමයෙක්ව....කව්ද කියන්න දන්නේ නැති මම ආතල් ගන්න හිතාගන මගේ ජිවිතේට ලං කරගත්ත කෙනෙක්....නෑ මම ලං කරගත්තේ නෑ මම යන තැන එයා හිටියා.....මම එයාට වදයක් වෙනකම් කරදර කලා ඒ හැමදේම ඉවසගත්තා නෑ මාව එයා ඉවසුවා.....ඊටපස්සේ ඒ අහිංසකයගේ අසරණකමින් මම ප්‍රයෝජන ගත්තා.....ඒත් මම හිතුවා මම එයාට ණයයි කියලා ඒ ණය ගෙවන්න මම එයාට ලං වුනත් ඒ අහිංසකයා ගේ මූණ දිහා බලපු මට තේරුනා නෑ මේක ආදරේ...මේ දැනෙන්නෙ ආදරේ කියලා මට තේරුනා...මට දැන් එයා නැතුව හුස්ම ගන්නවත් බෑ කියන්න තවත් තේරුනා.....මුළු ලෝකෙම විරුද්ද වුනත් මම එයාට ආදරේ කරන්න තෝරගත්තෙ මුළු හදවතින්මයි මොකද මගේ හදවත හොල්ලපු එකම කෙනා ඒ අහිංසක කොල්ලා වුනා.....ඒත් අපිට මේ ලෝකෙම හතුරු වෙන්න ගත්තම එයා මාව තනි කරලා වෙන කෙනෙක් තෝරගත්තේ මාවත් අසරණ කරලා....මම පිස්සෙක් වුනා.....ඒත් එයාම ආයේ ඇවිත් මගේ ලග දැවටෙද්දි එයාගේ වටේ තියෙන අනතුර මම නැති කරන්න එයාට රිද්දන්න තොරගත්තේ හිතකින් නෙවෙයි මම ජරා සතෙක් තමයි ඒත් මාත් මනුස්සයෙක්....ඒත් මේ කතාවේ දි එයාව ආරක්ශා කරනවා වෙනුවට මම එයාව හිතාගන්න බැරි තරමටම ගොඩක් රිද්දලා.....මම එයාව ආරක්ශා කරනවා කියන පොරොන්දු ව කිහිප පාරක්ම මගේ අතින් කැඩුනා ඉතින් ආයේ එහෙම නොවෙන්න මම තෝරගත්තේ වැරදි පාරක් මම මලක් මගේ අතින් පොඩි කරලා දලා ඒක බිම දැම්මා.......අන්තිමට ඒ මල මේ තාක් මම රිද්දපුවගේ ඇරියස් පිටින් එකම එක වචනෙකින් රිද්දලා ගියා.....හහ්...හහ්...නයිස්.... ඉතින් දැන් මම ඇස් අරින්න ඔනේද....... මේ හැමදේකට පස්සෙත් මම ඇස් අරින්න ඔනෙද....... මම මාව සාදාරණය කරන්නේ නෑ මට තිබ්බා රිද්දන්නැතුව අතාරින්න ඒත් එහෙම කලා කියලා වෙනස් වෙනවද කිසිම දෙයක්....ඒ ජිවිතේ අනතුරේම වැටෙද්දි.....යීබෝ උබ දැන් මොනවා කිව්වත් මේ කතාව ඇතුලේ ජරාම සතා වෙලා ඉවරයි හහ්....මේ වෙලාවේ මගේ ඇගේ වෙනස්කම් ගොඩක් මට තේරෙනවා වුනත් ඊටත් වඩා මගේ හදවත රිදෙනවා....මම වගේ තිරිසනෙක්ට මේ දේත් හොද වැඩි.....කන ලගින්ම ටීක් ටික් ගාන හඩ මට ඇහෙනවා මට නිදහසේ ඇස් තදට පියාගන්න දැන් වුනත් ඉඩ දෙන්නෑ........ඒත් මට එහෙම ඇස් පියාගන්න බෑ කියලා මම දන්නවා....ඒ දෙන්නා නිසා.....ආයිශ්....
























𝙼𝚈 𝙱𝙰𝙻𝙻𝚁𝙾𝙾𝙼 𝙶𝙸𝚁𝙻🎭❘ʸᴢ❙Where stories live. Discover now