INNER LOVER

5K 520 61
                                    

                            Teaser

අහස උසට විහිදෙන උසම උස බිල්ඩින් , එ අතරෙ කලබලෙන් එහෙ මෙහෙ දුවන මිනිස්සු , එක ගොඩේ පුංචි පුංචි කෑම කඩ, මේ හැමදේම අස්සෙ හීනයක් හොයාගෙන යන මම.

" පුතා අපි බහිමු "

අත්තම්මා කතා කරද්දි කල්පනවෙ ගිලිලා උන්නු මං ගැස්සිලා ගියා.

" එන්න අපි තැනට ආවා "

අත්තම්මා වත් ඉස්සර කරන් මං ඇතුල් උනේ අද ඉදන් මං ජීවත් වෙන්න යන තැනට.හරිම පුංචි ගෙයක් අපේ ගමේ වගේ . ඒත් ගමේ ගෙවල් වලට වඩා ගොඩක් වෙනස් .

"ට්‍රීං…..ට්‍රීං.."

අත්තම්මා බෙල් එක ගැහුවා.ඒත් එක්කම වගේ දත් මැද මැද චූටි කොල්ලෙක් ඇවිත් දොර ඇරලා රොකට් එක වගේ ආයෙ ඇතුලට දිව්වා.

"ආයිශ් ඒ කොල්ලා කොහෙද ඒ ගියේ"

අත්තම්මා මගෙන් ඇහුවෙ හරියට මං දන්නවා වගේ.මං බිම බලා ගත්තා.. හරිනෙ ඒ ලමයා ශර්ට් එකක් නැතුව චූටි කලිසන් කෑල්ලක් නේ ඇදන් උන්නෙ.

"අන්යොන්ග්සේයෝ…"

තව පිරිමි ලමයෙක් ඇවිත් අපිත් එක්ක කතා කරා.

"මං කිම් නම්ජුන්..ඔයා කිම් ටේහ්‍යොන්ග් වෙන්න ඕන'

"ආහ් ..ඔව් ..මේ කිම් ටේහ්‍යොන්ග් තමා"

මං වෙනුවට උත්තර දුන්නෙ අත්තම්මා..අපි ඇතුලට ගිහින් වාඩි උනා.

"බෑන්ග් පීඩිනිම් කිව්වා..ඔයාලා එයි කියල.මේක තමා අපේ පුංචි ගෙදර"

"දැන් ඔය ලමයි නිදා ගන්නෙ එහෙම"

"ආහ්..අර තියෙන කාමරේ තමා අපි හය දෙනාට බෙදා ගෙන ඉන්න වෙන්නෙ."

අත්තම්මා මගෙ දිහා බැලුවෙ මගෙන් ඉන්න පුලුවන්ද අහන්න වගේ..මං හිනා වෙලා ඔලුව වැනුවා..එතකොටම හිම වගේ සුදුම සුදු ගොඩක් කෙට්ටු පිරිමි ලමයෙක් එක්ක තවත් උස පලල් උරහිස් තියෙන ගොඩක් ලස්සන පිරිමි ලමයෙක් ආවා.

"මේ මින්‍ යුන්ගි , මේ කිම් සොක්ජින්"

නම්ජුන් අපිට එයාලව අදුන්වලා දුන්නා.

"එතකොට අර දුවපු ලමයා ජියොන් ජන්ග්කුක් , තව එක්කෙනෙක් ඉන්නවා එයා නම් නානවා .. ජන්ග් හෝ සොක්..මේ තමා අපේ පුංචි පවුල.."

නම්ජුන් එක්ක අපි ගොඩක් වෙලා කතා කරා..එයා මට වඩා අවුරුද්දක් වැඩිමල්. හෝසොක් කියන කෙනත් නම්ජුන්ගෙ වයසමයි.යුන්ගි මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්..සොක්ජින් අවුරුදු තුනක් වැඩිමල්.එතකොට අර චූටි කොල්ලා මට වඩා අවුරුදු දෙකක් බාලයි.

කට්ටිය එක්ක තේත් බීලා අත්තම්මා යන්න ලෑස්ති උනා..

"එහෙනම් පුතාලා මගෙ පුතාවත් හොදට බලාගෙන හැමෝම හොදට වැඩ ටික කර ගන්න ඕන.බස් එකට වෙලාවත් හරි.මං යන්න ඕන දැන්."

අත්තම්මා යන්න නැගිට්ටා..ඒ එක්කම වගේ හිත අමුතු බයකුත් , වේදනාකුත් එක්ක හිරිවැටිලා ගියා..කදුලු පුරෝගෙන උන්නු මං ගාවට ආපු නම්ජුන් හයොන්ග් මගෙ කරෙන් අත දාගත්තා.

අත්තම්මා ගිහින් පැයක් දෙකක් යනකන් මට මගෙ කදුලු නවත්තන්න බැරි උනා.ඔය අතරෙ ජන්ග්කුක් සැරින් සැරේ කාමරේට ඔලුව දදා බල බල ගියා.ආයෙත් එකපාරටම දොරෙන් ඔලුව දාපු ජන්ග්කුක් ,

"නම්ජුන් හයොන්ග් කතා කරනවා.."

මං කදුලු පිහාගෙන යද්දි හයොන්ග් ල කෑම ලෑස්ති කරලා.මට නාගෙන එන්න කියපු සොක්ජින් හයොන්ග් ජන්ග්කුක් ව අල්ලගෙන ඔලුව පිහනවා..

"යා...නෑව නම් හරියට ඔලුව පිහන්න ඕන මේ වගේ.."

පව් පොඩි එකාගෙ ඔලුව.කොල්ලා මං දිහා බලලා ආයෙත් බිම බලාගත්තා...අහිංසක ඇස් , බනී දත් , චූටි කම්මුල් , හීනි ඇස් මට නාද්දිත් මතක් උනේ ජන්ග්කුක් ව..මට ඉබේටම හිනා ගියා..

_____________________________________

ටේකුක් ආදරේ නිදහස් මනසින් කියවන අයට INNER LOVER ........................❤️

INNER LOVER (Completed)Where stories live. Discover now