INNER LOVER

1.5K 321 38
                                    

                      Chapter 12

"අත්තම්මා"

ගෙදරට අඩිය තියපු ගමන් මං දුවන් ගියෙ ඇදේ නිදියන් උන්නු අත්තම්මා ගාවට..එයා ගොඩක් දුර්වල වෙලා..මූන හොදටම ඇදිල ගිහින්

"ටේයොන්ග…."

අත්තම්මා ශක්තියක් නැතුව හිමීට මිමිනුවා..එ සැනින් අත්තම්මව බදා ගත්තු මං ගොඩක් වෙලා එයාගෙ උනුසුම වින්දා

"පුතා යාලුවොත් එක්ක මොනා හරි කාල ඉමු..මහන්සි ඇතිනෙ."

ඔම්මා අපිට කතා කරා..අත්තම්මගෙන් ඈත් උනු මං කුකි ජින් හයොන්ග් එක්ක ඇග සෝදගෙන කන්න ගියා..

"අත්තම්මගෙ බෙහෙත් වලට ගන්න."

කවරෙක දාපු සල්ලි ටික මං අප්පට දුන්නා.අකමැත්තෙන් උනත් අප්පා සල්ලි ටික ගත්තෙ මේ දවස් වල තියෙන අඩුපාඩු නිසා කියල ගෙදරට ආපු ගමන් ම මට දැනුනා.

"පුතාල බඩ පිරෙන්න කන්න ඕන හොදද."

ඔම්මා අපේ පිගන් වලට එයාගෙ අතිම්ම කෑම බෙදුවා.ගොඩක් දවසකින් මෙහෙම කන නිසා අපි තුන් දෙනාම හොදට කෑවා.ඉර බැහැගෙන යද්දි කුකී එක්ක අප්පගෙ ගොවිපොල පැත්තට ආවෙ හිත නිදහස් කරගන්න.මොන නිදහසක්ද මේ හා පැටියා එක්ක..ආපු වෙලේ ඉදන් දුවනවා..කකුල් රිදෙන්නැද්ද මන්දා.

"හයොන්ග් අපිඅර ගහ ගාවට යමු."

හට් එකට ටිකක් ඈතින් තිබුනු විශාල අඹ ගහ පෙන්නල කුකී කෑ ගැහුවා..

"යමු."

මං කියන්නත් කලින් කුකී දුවල ඉවරයි.මාත් හිමීට ඇවිද ගෙන ගිහින් එයා ඉදගත්තු තැනින් වාඩි උනා.

"හයොන්ග් දුකින් නේද"

මගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන කුකී ඇහුවා.

"හ්ම්ම්ම්"

මං ඈත බලාගෙනම උත්තර දුන්නා..එයා මගෙ අතින් ඇල්ලුවා..ඒ සීතල අත් මගෙ අත්වල දැවටෙද්දි ඉබේම එයාගෙ මූන දිහා බැලුන.මං එයාගෙ ඇස් දිහා බලද්දි කුකී එයාගෙ දකුනු අතින් මගෙ කම්මුලට අත තිබ්බා.

"අත්තම්මට ඉක්මනට හොද වෙයි..හයොන්ග් දුක් නෙවී ඉන්න."

එහෙම කියපු කුකී එක පාරටම නැගිටල මගෙ නලලට පුන්චි හාදුවක් දුන්නා..ඒත් එක්කම මගෙ ඔලුව අත ගාන ගමන් හිමීට මාව තුරුල් කර ගත්තා..ඈති හමාගෙන ආපු තාලෙට මගෙ ඔලුව අත ගාන ගමන්

INNER LOVER (Completed)Where stories live. Discover now