INNER LOVER

1.8K 395 50
                                    

                          Chapter 6

"හොසොක්කා ඔක්කොම හරි නේද.."

හෝබි හයොන්ග් ගෙ අප්පා හයොන්ග් ගෙ බඩු බෑග් එකක් කාමරෙන් උස්සන් එන ගමන් ඇහුවා..

"හරි අප්පා"

හෝබි හයොන්ග් ගෙ ඇස් වල කදුලු..අපි හැමෝම උන්නෙත් ඒ වගේම කදුලු හිර කරන්..යුන්ගි හයොන්ග් උදේම වැඩට ගියෙ එයාට මේ මොහොත බලන් ඉන්න බැරි නිසා..අපි හය දෙනාම උන්නෙ හෝබි හයොන්ග් ට සමු දෙන්න..

"ඊයෙ රෑ එහෙම කිව්වට මං හිතුවෙ නෑ හෝසොක් යයි කියලා.."

නම්ජුන් හහයොන්ග් බිදුනු කට හඩින් කිව්වා..

"මං නිසා ඔයාලට දුකක් දෙන්න බෑ.."

"හෝසොක්කා යන්..දවල් වෙන්න කලින් බස් එකට යන්න ඕන.."

හෝබි හයොන්ග් ගෙ ඔම්ම නම් සතුටෙන්..ඔව් අවුරුදු දෙකකට පස්සෙනෙ මේ හෝබි හයොන්ග් ගෙදර යන්නෙ..ඒකත් අපිව දාලා..

"මං යනවා කොල්ලනේ.."

බොහොම අමාරුවෙන් හිනා උනු හෝබි හයොන්ග් අපිව බදා ගද්දි ඒ ඇස් හෙව්වෙ අපේ පොඩ්ඩව..

"කෝ කුකියා.."

ඒ කියද්දින කුකියා ගේ ඇතුලෙ ඉදන් අඩාගෙන දුවගෙන ආවා..

"අනී..හයොන්ග් යන්න එපා...මං යන්න දෙන්නෙ නෑ….අපිව දාලා යන්න එපා.."

එක දිගට කිය කියා අඩන කුකියා හෝබි හයොන්ග් ව බදා ගත්තා.ඒ බදා ගත්තු විදියටනම් හෝබි හයොන්ග් ට හෙල්ලෙන්න බෑ..

"හයොන්ග් තව පැට තුනයි නෙ තියෙන්නෙ සිලෙක්ශන් එකට..අනේ වෙන දෙයක් වෙන්න තව චුට්ට වෙලාවක් ඉන්නකෝ අපිත් එක්ක…"

ජන්ග්කුක් හොසොක් හයොන්ග් ව බදාගෙනම ඉකි ගහ ගහ කියද්දි අපි හැමෝම ඒක අනුමත කරන්නවගේ ඔලුව වැනුවා..

"හෝසොක්කි එහෙනම් සිලෙක්ශන් එකට ඉදලම යමු ගෙදර..එතකන් අපිට පුලුවන් සෝල් වල ඇවිදින්න.."

හෝසොක් හයොන්ග්ගෙ අම්මා ජන්ග්කුක් ගෙ ඔලුව අතගාලා කියද්දි ජන්ග්කුක් ඔලුව උස්සල බැලුවෙ හෝසෙක් හයොන්ග් දිහායි  හෝසොක්ගෙ හයොන්ග් ගෙ අප්පා දිහායි..ඒ දෙන්නත් ඒක කැමති උනා..ටික වෙලාවක් අපේ පුංචි ගෙදර ඉදපු හෝසොක් හයොන්ග් ගෙ අම්මයි තාත්තයි සෝල් වල ඇවිදින්න ගියෙ සිලෙක්ශන් එක ඉවර උනාම හෝසොක් හයොන්ග් ට කෝල් කරන්න කියල..

INNER LOVER (Completed)Where stories live. Discover now