INNER LOVER

1.7K 368 45
                                    

                       Chapter 8

"ඕක මගේ ජර්සිය..පේන්නැද්ද පිටිපස්සෙ වී කියල ගහල තියෙනවා"

යුන්ගි හයොන්ග් මගෙ ජර්සිය ඇදගෙන හැඩත් බලනවා.මං කෑ ගැහද්දි මේකප් ද දා ඉදපු ජින් හයොන්ග් උඩ ගියා..අයි ලයිනර් එක මූන පුරා.

"අයිගෝ ටේයෝවා.."

මේකප් ආටිස්ට් නූනගෙ මූන බෙරි උනා..චුටි හිනා පාරක් දාලා එයාව ශේප් කර ගත්තට මොකෝ ජින් හයොන්ග් නම් බලන් උන්නෙ මාව කන්න වගේ..

"හයොන්ග් අන්න කොන්ඩෙ හදන්න කතා කරන්වා."

ජන්කුකී ඇවිත් මාව බේරගත්තෙ නැත්තන් අද ඩිබියුට් එක කෙසේ වෙතත් ජින් හයොන්ග් ගෙන් ගුටි නම් කනවා.

"ටේහ්‍යොන්ග් ගෙ හම අනිත් අනිත් අයට වඩා වෙනස්..ගෝල්ඩන් කලර් එකක් තියයෙන්නෙ.."

නූනා කොන්ඩෙ හදද්දිත් කිව්වෙ මගෙ මූන දිහා බලාගෙන.මං බිම බලාගත්තෙ ලැජ්ජා හිතුනු නිසා.

"හරි හරි නූන කොන්ඩෙ හදන්නකො.."

කුකී ඇවිත් මාව කුනිත්තලා නූනා එක්ක හිනා කියාගෙන ගියා..අම්මෝ මේ හා පැටියගෙ තියෙන ඊරිසියාව..

"ගායිස් තව හරියටම පැයකින් ඔයාල ස්ටේජ් එකට යන්න ඕන…"

සේජින් හයොන්ග් ඇවිත් වෙලාව මතක් කරා..ඒ වෙලවෙ පපුව ගැහුනු හැටියට මං හිතුවෙ පපුව ගැලවිලා වැටෙයි කියලා..

හෝසොක් හයොන්ග් ආයෙ ආයෙත් ඩාන්සින් ස්ටෙප්ස් මතක් කර ගන්නව.ජිමින් එතනට වෙලා එයත් හයොන්ග් එක්ක අඩියෙන් අඩිය තියනවා.යුන්ගි හයොන්ග් කට හදාගන්නවා මොනාද මුමුන මුමුන..ජිම් හයොන්ග් මේකප් දාද්දි කුකී ඊට එහා පත්තෙන් වොයිස් ට්‍රේනින්..

"හුම්ම්ම්"

මං බර හුස්මක් ගත්තා..හෙයා අයන් එකක් මගෙ කොන්ඩෙ අතර යද්දි ඒ රස්නෙ මගෙ ඔලුව ඇතුලටම වැදුනා.අපිට මොනා වෙයිද..එයාලා අපිව බාරගනීද..අපිට කැමති වෙයිද.. කෝටියක් ප්‍රශන ඔලුව ඇතුලෙ හොල්මන් කරනවා.

"හරී හැමෝම එන්න.."

එක පාරටම දොරත් ඇරගෙන ඇතුලට ආපු නම්ජුන් හයොන්ග් අපි හැමෝටම එයා ගාවට කතා කරා.

INNER LOVER (Completed)Wo Geschichten leben. Entdecke jetzt