INNER LOVER

1.9K 409 31
                                    

                         Chapter 3

සෙනසුරාදා දවස කියන්නෙ මට ගොඩක් වැඩ තිබ්බ දවසක්..කොෆි ශොප් එකට කස්‍ටමර්ස් ල ගොඩක් එන්නෙ වීකෙන්ඩ් එකේ..මං උදෙම්ම වැඩට ගියෙ හෝසොක් හයොන්ග් එක්ක..ජන්ග්කුක් තාමත් නිදි..ඊයෙ රෑ උන වැඩි උනු නිසා ජන්ග්කුක් ට බේත් ගෙනාවා.රෑ පුරාම කුකී ගාව හිටපු නිසා නින්දක් තිබ්බෙ නෑ.ඒත් උදේම වැඩට ආවෙ නිවාඩු ගන්න බැරි නිසා.

"ගුඩ් මෝනින් ටේහ්‍යොන්ග් "

මං පුදුම උනේ ශොප් එකට යද්දිම ඇහුනු හුරුපුරුදු කට හඩින්.

"සූජොන්…..මෙහෙ"

"ඔව් අද ඉදන් මාත් පාට් ටයිම් කරනවා මෙහෙ.."

සූජොන් ට හිනා වෙලා මං ඇතුලට ගියෙ චේන්ජ් කරන් වැඩ පටන් ගන්න.ඒ වෙනකොටත් අනික් අය වැඩ පටන් අරන්.හැමදාම ගොඩක් සාසාමකාමී විදියට තිබුනු කොෆි ශොප් එක අද නම් ටිකක් කලබලයි.ඒ වෙන කවුරුත් නිසා නෙවේ සූජොන් නිසා..

"ටේයොන්ගි කෝෆි දෙකක් , ටේයොන්ගි ඇපල් කේක් දෙකකුත්……."

තව දෙන්නෙක් වැඩටා උන්නත් සූජොන් හැම වෙලේම ඕඩර්ස් අරන් ආවෙ මං ගාවට.වෙනදට නම් ඉක්මනට ගෙවෙන සෙනසුරාදා දවස අද හරි දිගයි..

"කුකියට හොදයිද දන්නෑ.."

ලාවා කේක් එකක් පැක් කරන ගමන් මං කල්පනා කරේ කුකී ගැන..එතකොටම කාගෙදෝ අතක් මගෙ උරහිසවටේ එතුනා.

"ටේයොන්ගි කස්ටමර් ඉක්මනට ඕක ඉල්ලනවා.."

මං ඉක්මනට සූජොන් ගෙ අත අයින් කරලා කේක් එක රැප් කරා.

"හරි මේක දෙන්න."

එහෙම කියාගෙන මං ස්ටෝ රූම් එකට ගියෙ කැපචිනෝ පැකට් ටිකක් ගන්න.

"ටේහ්‍යොන්ග් අද ටිකක් රෑ වෙනකන් ඉන්න ඕන්.මං ටවුන් එකෙන් පිටට යනවා.ඔයා රෑ ට ශොප් එක වහලා කී එක අපේ ගෙදරට දෙන්න.."

ශොප් එකේ අයිතිකාර පාක් අන්කල් මගෙ අතට ශොප් එකේ කී එක දෙන ගමන් කිව්වා..මං කී එකත් අරන් ස්ටෝ රූම් එකෙන් කැපචිනෝ පැකට් ටිකත් අරන් ඒ ටික මැශින් එකට දැම්මෙ තවමත් කස්ටමර්ස් ලගෙ අඩුවක් නැති නිසා.

INNER LOVER (Completed)Where stories live. Discover now