INNER LOVER ( FINAL CHAPTER )

2.6K 442 162
                                    

                      Chapter 15

"ටේයොන්ගි මොකෝ මෙතන"

කල්පනා ලෝකෙ උන්නු මාව පියවි සිහියට ආවෙ ජිමින් මගෙ උරහිසෙන් අල්ලලා කතා කරපු නිසා..ජිමින් හිනා වෙලාම මං ඉදන් උන්නු බංකුවෙ එහාපැත්තෙන් වාඩි උනා..

"අන්න කුකීගෙ ශර්ට් එකක් නැති වෙලා ඔයාගෙ ඇදුම් බෑග් එක අවුස්සනවා"

ජිමින් කියද්දි මගෙ කට කොනට හිනාවක් ආවා..ජන්ග්කුක් ගෙ මොනාහරි නැති උනු ගමන් අපි හත් දෙනාගෙම බෑග් අවුස්ස අවුස්ස හොයනවා..ඒත් අපේ බඩු එයාගෙ බෑග් එක පුරෝලා..

"ඒ ශර්ට් එක මේ.."

මං ඇදන් උන්නු ශර්ට් එක පෙන්නල මං කිව්වා..ජිමින්ට හිනා..මං බර හුස්මක් අරන් කතාවට මුලපිරුවා.

"ජිමිනා….මං කවුද"

"මොකක්…"

ජිමින් පුදුමෙන් මගෙ මූනට එබෙන ගමන් ඇහුවා.

"ටේහ්‍යොන්ග් කියන්නෙ කවුද ජිමිනා.."

"ටේහ්‍යොන්ග් කියන්නෙ මගෙ හොදම යාලුවා...හැමදේම බෙදා ගන්න ඉන්න මගෙ ලගම හිතවතා.."

ජිමින් කිව්වෙ මගෙ අතක් උඩින් එයාගෙ චූටි අතක් තියන ගමන්.

"නෑ ජිමිනා ටේහ්‍යොන්ග් කියන්නෙ ඔයාලා හැමෝවම බිමට ඇදල දාපු කෙනා.."

"ටේයොන්ගි ……"

ජිමින් කෑගහන ගමන් මගෙ උරහිසෙන් ඇල්ලුවා..

"ඔයා මේ කතා කරන්නෙ සෝශල් මීඩියා වල ඔයාලා දෙන්නා ගැන යන දේවල් ගැන නම් සරලම දේ ඒ ගැන කතා නොකර ඉමු."

"නෑ ජිමිනා..ඒක ගැන තමා කතා කරන්න ඕන..අපි දැන් ප්‍රැක්ටිස් නවත්තලා සති දෙකක්..ඒත් තවමත් ඒජන්සියෙන් කෝල් එකක් නෑ.."

"යා කිම් ටේහ්‍යොන්ග් ...බෑන්ග් පීඩි නිම් ඒවා බලා ගනී.."

"නෑ ජිමිනා..තාමත් එයාලා අපිදෙන්නව අල්ලගෙන මඩ ගහනවා..අදත් ටුවිට් ඇවිත් තිබ්බා මුලු බෑන්ඩ් එකම සමලිංගිකයො කියල..අපිදෙන්නගෙ ෆොටෝ හැමතැනම ශෙයා වෙනවා.. ගෙදරිනුත් කෝල් කරල තාත්තා බැන්නා හොදටම.."

INNER LOVER (Completed)Where stories live. Discover now