INNER LOVER

1.9K 410 63
                                    

                            Chapter 4

"ටේයෝවා මොකෝ ඊයෙ වැඩට ආවෙ නැත්තෙ.."

පන දාගෙන නෝට් වගයක් ලිය ලිය උන්නු මං ගැස්සුනෙ සූජොන් ගෙ සද්දෙට..

"අනී සූජොන්..මං ආයෙ එතන වැඩට එන්නෙ නෑ...පාක් අන්කල්ට කිව්වා."

ඊයෙ හෝසොක් හයොන්ග් අතේ පාක් අන්කල්ට පනිවිඩේ වැව්වෙ එයාට වැඩට වෙන කාවහරි හොයා ගන්න ඕන නිසා..සූජොන් ටත් ඕන නැති දෙයක් නෑ.කට කොනින් හිනා වෙලා ආයෙත්මං නෝට් ලියන්න ගත්තා.

"ඒ මොකෝ අනේ….මාත් එතන වැඩට ගියෙ ඔයා ඉන්න නිසානේ…"

සූජොන් මගෙ ඉස්සරහ තිබුනු ජිමින් ගෙ පුටුවෙ ඉදගත්තා..ජිමින් ඩාන්සින් ටීචව හම්බෙන්න ගිය නිසා එයාගෙ බෑග් එක විතරක් ඩෙස්ක් එක උඩ තිබ්බා..

"ආහ් මං නැති උනාට අනික් අය ඉන්නවනේ.."

මං ඇගට නොදැනි කිව්වත් සූජොන් ගෙ මූන මැලවිලා වගේ තිබ්බේ..සූජොන් එක පාරටම පොත උඩින් තිබ්බ මගේ අත ඇල්ලුවා..මාව සීතල වෙලා ගියෙ පන්තියෙ තව ලමයි උන්නු නිසා.මං ඉක්මනට අත ඇදල ගත්තෙ වට පිට බලලා.

"ටේහ්‍යොන්ග්  මට ඔයාට කියන්න දෙයක් තියෙනවා."

සූජොන් ඒක කිව්වෙ මගෙ ඇස් දිහා බලාගෙන.මං එයා දිහා බලන් උන්නෙ ඔව් කියන්න වගේ බැල්මකින්.

"සයන්ස් පීරියඩ් එකෙන් පස්සෙ ලොකර් රූම් එකට එන්න."

සූජොන් එහෙම කියාගෙනම ඇහැකුත් ගහල එතනින් යද්දිම ජිමින් එතනට ආවා.

"මොකෝ උනහපුලුවා කියන්නේ.."

සූජොන්ට  හැමෝම උනහපුලුවා කියල විහිලු කරත් මං එයාට එහෙම කිව්වෙ නෑ..

"අනී නෑ මේ නිකන්."

මං ආයෙත් වැඩ ටික කරන්න පටන් ගත්තෙ ජිමින් මගේ දිහා කන්න වගේ බලන් ඉද්දි..එතකොටම ඉන්ටවල් බෙල් එක ගැහුවා..ලමයි පුටු මේස පෙරලන් කැන්ටින් එකට දුවද්දි මං බැලුවෙ දොර දිහා.මොකද එක්කෙනෙක් පුටු මේස පෙරලන් අපේ ක්ලාස් එකට එනවනේ කන්න..

"කෝ ජන්ග්කුක්කා …..නෑනේ.."

"ඒකනේ ජිමිනා..වෙනදට බෙල් කරද්දින දොර ගාව ඉන්න කොල්ලා අද මොකෝ නැත්තේ.."

INNER LOVER (Completed)Where stories live. Discover now