INNER LOVER

2.4K 475 57
                                    

                        Chapter 01

"යා…..පොඩ්ඩො දෙන්නා නැගින්න..අපි යන්න ඕන"

උදේ පාන්දරම ඇහුනෙ නාදුනන කටහඩක්..කෝ අත්තම්මා..මගෙ ඇස් එක පාරට ඇරුනෙ නුපුරුදු සුවදකුත් නිසා.විනාඩි දෙකක් තුනක් වටපිට ඇස් කරකපු මට එක පාරට මතක් උනේ මං ගෙදර නෙවේනෙ දැන් ඉන්නෙ කියලා.මං හැදුවෙ නැගිටින්න.ඒත් මගෙ ඇගම මොනාට හරි හිර වෙලා වගේ.

"ආහ්…"

ජන්ග්කුක් මගෙ ඇග වටේට අතකුත් දාගෙන නිදි.ඔව්නෙ..ඊයෙ රෑ නිදා ගද්දි මටයි ජන්ග්කුක් ටයි පහල එක ඇදක නිදා ගන්න කියල සොක්ජින් හයොන්ග් , නම්ජුන් හයොන්ග් එක්ක උඩ ඇදේ නිදා ගත්තනෙ..ඊයෙ රෑ මූනවත් නොබල ඇදේ අයිනටම ගිහින් නිදා ගත්තු ජන්ග්කුක් දැන් මාව බදාගෙන හොදට නිදි.මං බැලුවෙ ජන්ග්කුක් මූන දිහා..චූටි ඇස්..කලුම කලුඇහි බැම..මූනට වැටුනු කොන්ඩෙ.ඉබේටම මගෙ අත් ගියෙ ජන්ග්කුක් ගෙ කම්මුල් වලට.

"හරිම සිනිදුයි"

එයාගෙ කොන්ඩෙ අතර මගෙ ඇගිලි දිවුනෙ ඇයිද මන්දා..

"ටේහ්‍යොන්ග් නැගිටින්න"

මාව ගැස්සිලා ගියෙ සොක්ජින් හයොන්ග් ගෙ සද්දෙ කුස්සිය පැත්තෙන් ඇහෙද්දි..තව මොනවද බිදෙන සද්දෙකුත් ඇහුනා.මං හැදුවෙ නැගින්න.මේන් එක පාරටම මේ කොල්ලා මාව ආයෙත් හොදට තද කරලා බදා ගත්තා..කකුලත් මගෙ ඇගෙන් දාගෙන.මට හිනා ගියෙ ඒ හිටපු විදියටමයි.

"යා ජන්ග්කුක්කා……..නැගිටිනවා……"

සොක්ජින් හයොන්ග් කාමරේ දොර ගාවට ඇවිත් කෑ ගැහුවා විතරයි දඩ බඩ ගාලා කලබලෙන් නැගිටපු ජන්ග්කුක් වට පිට බැලුවා..ඔව් ඇත්තටම සොක්ජින් හයොන්ග් ගෙ සද්දෙ හයියෙන් වැඩී තමා.මාත් ගැස්සුනා.නැගිට්ටට පස්සෙ මං දිහාවත් නොබල අන්න අර කොල්ල දිව්වා.

"ටේහ්‍යොන්ග් ඔයත් නැගිටින්න.. ඉක්මනට යන්න ඕන..'

මං දිහා බලලා හිනා වුනු සොක්ජින් හයොන්ග් ආයෙත් එලියට ගියා.නැගිටල ශීට් එක නවන්න ගද්දී දැක්කෙ ජන්ග්කුක් ගෙ ටී ශර්ට් එක..

"කොල්ලා හවස ඉදම්ම දාඩියයි කිය කිය උන්නෙ..රෑ දාඩිය නිසා ගලවන්න ඇති.පව්"

INNER LOVER (Completed)Where stories live. Discover now