INNER LOVER

1.6K 378 87
                                    

Chapter 10

වැස්ස වහින කාලෙට ඉස්සර නම් මං පොඩ්ඩක් වත් ආස නෑ.ඒත් දැන් අවුරුදු තුනක් තිස්සෙ මං වැස්සට පුදුම ආසයි.ඒකත් රෑට වහිනවනම්.කොට්ටයක් නැත්තම් කුකියා එහෙමත් නැත්තන් ජිමිනා ව හයියෙන් බදාගෙන නිදා ගන්න තියෙනව නම් මං ගොඩක් ආසයි.

"ෆූ......."

ජනේලෙන් එලිය බලාගෙන කල්පනා ලෝකෙ උන්නු මාව තවත් සීතල වෙලා ගියෙ කුකි කන ලගට ඇවිත් හුලං පිම්බ නිසා..

"කුකියා.."

"හයොන්ග් මට සීතලයි"

ජන්ග්කුක් මාවත් පෙරලගෙන බිම නිදා ගත්තා..මට පිටුපාලා උන්නු කුකීව මං මගෙ පැත්තට හරවගෙන එයාගෙ ඔලුව අත ගෑව..

"හයොන්ග් මගෙ ඔලුව කැක්කුමයි.'

"ඒ මොකො ඒ..බෙහෙත් මුකුත් බිව්වෙ නැද්ද"

"ගෙදර ගිහින් බොනවා.."

"කෝ එන්න බලන්න ඔලුව අතගාන්න."

මං හිමීට ජන්ග්කුක් ගෙ ඔලුව අතගාන ගමන් එයාව හයියෙන් තුරුල් කර ගත්තා.චූටි හා පැටියෙක් වගේ සීතලට ගුලි වෙලා ..

"කුකී"

"ම්ම්ම්ම්"

"පීඩී නිම් මොනාද කිව්වෙ"

"මං කොහෙවත් යන්නෙ නෑ හයොන්ග්.. නම්ජුන් හයොන්ග් කතා කරා..අපි හත් දෙනා කවදාවත් ඈත් වෙන්නෙ නෑ."

ඔලුව උස්සල මං දිහා බලල හරි එඩිතර විදියට කියපු කුකී මගෙ තොල් උඩ එයාගෙ තොල් තියලා ආයෙත් තුරුල් උනා.

"ටේයොන්ගි ..."

රෙස්ට් රූම් එකට කඩාගෙන බිදගෙන දුවන් ආපු ජීම්න් අපි දෙන්නා ගාවට ඇවිත් කුකීගෙ අනික් පැත්ත්න් මගෙ ඇගට කකුලකුත් දාගෙන බිම දිගා උනා.

"ජිමිනි හයොන්ග් එහාට යන්නකෝ"

කුකී ජිමින් ගෙන් ඈත් වෙවී මට තවත් තුරුල් වෙනවා..වලියක ආරම්බක සලකුනු ඒගෙන එද්දිම ජින් හයොන්ග් ආවා.

"කෝ තුන් දෙනාම ඇවිත් ඉදගන්න මෙතනින්"

වෙනදට නම් ජින් හයොන්ග් එන්ඩ කිව්වට අපි තුන් දෙනාගෙන් කවුරුත් යන්නෙ නෑ..ඒත් අද තුන් දෙනාම ඊ ගහ වගේ නැගුට්ටෙ හයොන්ග් ගෙ හඩේ තිබ්බ බැරෑරුම් කමටයි පෙනුමෙ තිබ්බ බැරෑරුම් කමටයි.

INNER LOVER (Completed)Where stories live. Discover now