INNER LOVER

1.6K 362 49
                                    

                      Chapter 9

කම්බැක් එක ගොඩක් ලොකුවට සාර්ථක  නැති උනත් ඒක අසාර්ථකයි කියන්න බෑ.මොකද ඊට සතියකට පස්සෙ ABC  චැනල් එකේ වරයිටි ශෝ එකකට අපිට ඉන්විටේශන් එවල තිබ්බා.අපි ඒ ගැන ගොඩක් පුදුම උනේ වෙන කිසිම අලුත් බෑන්ඩ් එකකට මෙහෙම අවස්ථා නොලැබෙන නිසා.

"ටේහ්‍යොන්ග් නූනා කතා කරනව මෙශමන්ට් ගන්න."

කුකී දොර ලග ඉදන් කෑ ගැහුවා..කල්පනා ලෝකෙඋන්නු මං එක පාරටම ගැස්සුනෙ ඒ එක්කම වැදුනු බෝල පාරකට..

"යා...චින්චා…"

දෙපාරක් නොහිත මං ගුකී ගෙ පස්සෙන් පන්නන්න ගත්තා..ඒ බෝල පාරට මට තරු විසිඋනා..ඉන්නවකො අල්ල ගන්න..කුකී දිවුවෙ හයොන්ග් ල හිටපු පැත්තට..එයා ගියපු ගමන් ජින් හයොන්ග් ගෙ පිටි පස්සෙ හැන්ගුනා..මං දුවන් ගියෙ අල්ල ගන්න..ඒත් ජින් හයොන්ග් මද්දට පැනල  කුකී ව බේර ගත්තා..

"හයොන්ග්    මගෙ ඔලුවට ගැහුව මෙයා බෝලෙකින්"

මං මූන ඔහොක් කරන් කියද්දි ජින් හයොන්ග් කුකීගෙ කන මිරිකුවා..

"ආව් හයොන්ග් ..මං එච්චර හයියෙන් ගැහුවෙ නෑ.."

"හූ හොද වැඩේ"

මං විරිත්තද්දි ජන්ග්කුක් රවාගෙනම මං ගාවට ඇවිත් මාව කිනිත්තුවා..

"ඉන්නවකෝ අල්ල ගන්නම් කො "

මං ජන්ග්කුක් ට රහසින් කියලා ගියෙ ස්ටයිලිශ් නූනා ගාවට මෙශමන්ට් දෙන්න.නූනත් මාව එහාට මෙහාට හරෝ හරෝ මනිනවා.අනික් කට්ටියගෙ වැඩේ ඉවර නිසා එයාලා ආපහු ප්‍රැක්ටිස් රූම් එකට ගියා.

"ටේහ්‍යොන්ග් ගෙ මූන අදුරු වෙලා..අව්වෙ ගියාද."

"නෑ නූනා.මං මේ.."

"අහ් ඉන්නකෝ මං පීඩී නිම්ට කියන්න මේ ලමය ස්කින් එක ගැන උනන්දුවක් නෑ කියලා..හෙට ෆේශල් එකක්  කරමු.එතකොට හරි යයි."

නූන මගෙ කොන්ඩෙත් අවුස්සලා කියලා මෙශමන්ට් අරන් ඉවර කරා..එයා කියපු දේ ඇත්ත..මං මූන ගැන කිසිම උනන්දුවක් නෑ තමා.අයිඩල් කෙනෙක්ගෙ පෙනුම වැදගත් උනාට මං හැමදාම මහන්සි උනේ ටැලන්ට් එක වෙනුවෙන්.දැන්වත් පෙනුම ගැන බලන්න ඕන..ඒත් මොකටද ඔච්චර ලස්සන වෙන්නෙ මොකෝ ලෝකෙ කඩවසම්ම කොල්ලා වෙන්න ඈ.මං මටම ඔලුවට ගහන් ප්‍රැක්ටිස් රූම් එකට ආවා..

INNER LOVER (Completed)Waar verhalen tot leven komen. Ontdek het nu