☘ CHAPTER THREE ☘

334 86 75
                                    

Namjoon's pov

ගොඩක් වෙලා නිදා ගත්ත නිසා ආයෙමත් නිදා ගන්න හැදුවත් මට නින්ද ගියේ නෑ ..... අන්තිමේ ඇඳේ එහාට මෙහාට පෙරලෙන්න ගත්තේ වෙලාව යවාගන්න ...... ඇඳෙන් බිමට බහින්නවත් තාම කකුල්වලට පන නෑ වගේ ......

මට තාම හිතා ගන්න බෑ ....... ඊයේ වෙච්ච හැමදේම ගැන ........ මං ළඟදී අපේ කම්පැනි එක ඉදිරියට ගේන්න ප්‍රොජෙක්ට් එකක් කළා ....... අන්තිමේ ඒ ප්ලෑන් එක නිසා අපේ කම්පැනි එක ගොඩක් ඉස්සරහට ආවා ......... සෝල්වල තිබ්බ ලොකුම කම්පැනිය , Kang Group එක තරමට අපේ කම්පැනිය ඉස්සරහට ආවා ..........

එතැනින් පස්සේ හැමදේම හිතුවටත් වඩා වෙනස් වුනා ...... එකපාරටම Kang Group chairman මිස්ටර් කන් මාව හම්බවෙන්නත් ආවා ......... පොඩි කතාබහකට ඇවිල්ලා ගියත් මනුස්සයා ගැන මට දැනුනේ සැකයක් .....ඒ ගැන මට වගේම ජින් හියුන්ටත් දැනිලා තිබ්බා ...... ඒ නිසාමයි ජින් හියුන් යන්න කලින් ලොකු දේශනයක් දුන්නේ ....... හැම කම්පැනි එකක්ම වගේ මං දිහා ඇහැ ගහන් ඉන්නවා කියලා දන්න නිසා ........

අර්ර්ර්ර්ර්ර්ර්ර් ............................................

කවුද හිතන්නේ ඩ්‍රයිවර්ට එච්චර දෙයක් කරන්න පුළුවන් කියලා ......... මගේ ඩ්‍රයිවර් චන් , මං එයා ගැන දැනන් හිටියා .......මගේ ළඟ ගොඩක් කාලයක් වැඩකරපු සේවකයෙක් ........ මං එයත් එක්ක තනියම කොච්චර ගමන් ගිහිල්ලා ඇද්ද ....... ඒත් ඊයේ ⁣ඒ හැමදේම වෙනස් වුනා .......

ඇයි එයා මාව මරන්න ට්‍රයි කළේ ...........

සමහරවිට ..........

එයා කාටහරි වැඩ කරනවත්ද ....... නැත්තම් ........ එයාට ⁣කවුරු හරි බලපෑම් කරලද ..........

මොකක් වෙන්නැද්ද ...........

ආයිෂ් .......... ආයෙත් මගේ ඔලුව දෙදරන්න ගත්තා ......... ඇදේ වැතිරිලාම මං නළල හොදින් පිරිමදින්න ගත්තා ..........නළල මසාජ් කරන ගමන් මං හිතුවේ නිදා ගන්න .......... ඒ නිසා මං ඇස් දෙක පියන් හිටියේ නින්ද යනකන් ......

" ඔලුව කැක්කුමක්ද "

කටහඬ නිසා මං එකපාරටම ඇස් දෙක ඇරියා .......කෙල්ල ඇඳ ළඟ හිටගෙන මගේ මූණට උඩින් එයාගේ මූණ ......... මං දැක්කේ අර කෙල්ල මගේ මූණ කන්න වගේ බලන් ඉන්නවා

☘ PROMISE ☘ COMPLETED ☘Where stories live. Discover now