☘ CHAPTER SEVENTEEN ☘ LAST CHAPTER ☘

468 66 180
                                    

1 week later

@Court, Seoul

Namjoon's pov

" මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම සහ අනුබල දීම යන චෝදනාවලට වරදකරු වු කන් මින්ජුන් හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කරන අතර ඔහු⁣ගේ සියලු දේපල රාජසන්තක කරන බවත්, ඔහුට සහය දුන් අනිත් වරදකරුවන්ට වසර දහයක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කරන බවත් මාගේ අවසන් තීන්දුව ලෙස ප්‍රකාශ කරමි . "

විනිශ්චයකාරවරයා අන්තිම තීන්දුව කියන කොට මගේ ඇස්වලින් මටම නොදැනීම කඳුළු ආවා ....... අන්තිමේදී වැරදිකාරයාට ලැබෙන්න ඕන දඬුවම හම්බුණා ....... ඇස්වලින් කඳුළු එළියට පනින්න වගේ නිසා මං ඇස් දෙක තද කරලා පියා ගත්තා .... මට තේරුණා කවුරු හරි මගේ ඔලුව අතගානවා වගේ ....... ජින් හියුන් ..... මගේ එහා පැත්තේ හිටිය නිසා ජින් හියුන්ට මගේ හැසිරීම⁣ තේරෙන්නැති ........

විනිසුරු තුමා එතැනින් පිටවෙන කොට අපි එතැනින් නැගිට්ටා ...... ඊටපස්සේ තමා වැරදිකරුවෝ ටික හිරගෙදරට එක්ක යන්න කට්ටිය ආවේ .... ඔෆිසර්ලා මින්ජුන්ව එක්කන් යද්දි මින්ජුන් දඟලන්න ගත්තා ....

" මාව අතාරිනවා .... මං කවුද කියලා තමුසෙලා හොඳට දන්නවනේ .... කිව්වම අහලා අතාරිනවා ...... මේ කරන දේවල්වලට තමුසෙලට වන්දි ගෙවන්න වෙයි .... මං ඔහෙලට ඕන ගානක් දෙන්නම් .... මට මෙතැනින් යන්න දෙනවා .... අතාරිනවාාාා...... "

වැරදි එලිවෙලත් කන් මින්ජුන්ට නම් තාමත් එයාගේ වැරැද්ද තේරිලා නෑ .... ඒ මිනිහව දකිද්දිත් මගේ ඇඟේ මාළු නටනවා වගේ ..... මේ දැන් වුණත් මට ඒ මිනිහට ගහගෙන යන්න තරම් කේන්තියක් මට තියෙන්නේ ..... කේන්තිය වැඩිකමට මං අත මිට මොලව ගත්තා ....

" ජූන් සන්සුන් වෙන්න .... "

ජින් හියුන් මට ලං වෙලා කෙඳිරුපු පාර මං සන්සුන් වෙන්න ට්‍රයි කළා ..... අන්තිමේ කෑගහන එක නවත්තපු මින් ජුන් අපි දිහා හැරිලා පාච්චල් හිනාවක් දැම්මා ..... ඒ හිනාවෙන් කිව්වේ මොකද්ද කියලා මට තේරුණා

තමුසෙට මම .....

ඉවසීමේ කට්ට අන්තෙටම පැනලා හිටිය මම ඉස්සරහට අඩිය තිබ්බේ කේන්තිය යනකන් නෙළලා අරින්න..... ඒ මිනිහගේ පිනට යුන්ගි හියුනුයි ජින් හියුනුයි මාව පිටිපස්සට ඇදලා ගත්තා .... නැත්තම් අද ඒ මිනිහගේ මළගම !

☘ PROMISE ☘ COMPLETED ☘Where stories live. Discover now