☘ CHAPTER FOURTEEN ☘

234 57 20
                                    

නම්ජුන් මෙච්චර වෙලා ඩෝම් එකේ කාමරෙත් ලොක් කරන් ඇති තරම් ඇඬුවා ...... කවදාවත් නැති තරමට ....... කොල්ලට ජින්ගේ කතාව මතක් වෙද්දි කොල්ලා සැරින් සැරේ ඉකි බිඳින එක වැඩි වුණා ......

Flashback

One hour ago

කොල්ලා හ්‍යෙජින්ගේ අපාර්ටමන්ට් එකේ නවත්තලා තිබුණු කාර් එකත් අරන් ගියේ ඩෝම් එකට යන්න ....... හවස හය පහු වුණත් අහසම කළුවර වෙලා ........ ඒ මදිවට කොල්ලා යන මඟ ට්‍රැෆික් ..... නම්ජුන්ට යන්න වුණේ ගාට ගාට ....... කෝම හරි ට්‍රැෆික් මඟ ඇරලා කොල්ලා හැරෙව්වේ පටු පාරකට .......

කොල්ලා පාරකට හරවද්දි ම එහා පැත්තෙන් එකපාරටම ආවේ ලොකු ලොරියක් ..... පටු පාරක් නිසා පාර ලොකුත් නෑ .... කොල්ලත් එකපාරට ම ලොරියට හැප්පෙන එකෙන් බේරෙන්න නම්ජුන් වාහනේ එකපාරටම අනිත් පැත්ත හැරෙව්වා ....... ලොරියට ගෑවී නොගෑවි යන තරමට ළං වෙලා තිබුණ නම්ජුන්ගේ වාහනේ බේරුණේ අන්තිම නූලෙන් ...... කොල්ලා වාහනේ පාරේ අයිනෙම නැවත්තුවා ...... කොල්ලා ඇස්වලින් බය වගේම පුදුමය ලියවිලා තිබුණා .... ඒ මදිවට කොල්ලගේ ඇඟම දාඩියෙන් නෑවිලා ......

මං ඒ මොකද්ද ..... දැක්කේ ....... ???

කොල්ලා වාහනේ හරවද්දිම වගේ කොල්ලගේ ඔලුව ලොකු වේදනාවක් දෙන ගමන්ම ඇස් බොඳ වෙලා සිද්දියක් පෙනෙන්න ගත්තා ....... පුංචි කොල්ලෙක් ..... කාර් එකේ යන ගමනක් .... ගෑණු කෙනෙක් .... ඒ වගේම මූණ පේන්නැති පිරිමි කෙනෙක් ...... අන්තිමට එළියක් .........

කොල්ලා මෙච්චර දවස් නින්දෙන් දැක්ක හීනේ පළවෙනි වතාවට පියවි සිහියෙන් දැක්කා ...... ඒකත් වෙනදට පේන ⁣බොඳ පෙනුම නෙමේ සම්පූර්ණයෙන්ම පැහැදිලි සිද්දියක් ..... ඒ ගෑණු කෙනාගේ මූණ ..... ⁣කටහඬ ... හැමදේම පැහැදිලිව දැක්කේ ....

කවුද ඒ ගෑණු කෙනා ........

කවුද ඒ කොල්ලා .....

ඒ කොල්ලගේ ඔම්මා නම් ....... ඇයි මට මේ වගේ දෙයක් පේන්නේ .......

කොල්ලා දහසක් ප්‍රශ්න හිතන අස්සේ ලොරිය ඩ්‍රයිවර් නම්ජුනගේ කාර් එක ගාවට ආවා .....

" මිස්ටර් චෙසොංහම්නිදා ( Sorry ) හදිසියේම ඔයාගේ වාහනේ ආව නිසා ලොරිය කන්ට්‍රොල් කරගන්න බැරි වුණා .... "

☘ PROMISE ☘ COMPLETED ☘Where stories live. Discover now