☘ CHAPTER SIXTEEN ☘

223 60 25
                                    

" ඊයේ පස්වරුවේ Gagnam පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව Gangnamවල පිහිටි කුඩා කුලි කාමරයක මළසිරුරක් සොයාගෙන තිබේ. ඝාතනයට ලක්වී ඇති පුද්ගලයා චන් නැමැති පුද්ගලයෙකු බවත් මෙතෙක් මෙම ඝාතනය කළ තැනැත්තා හෝ පිරිස මේ වන තෙක් සොයාගෙන නැති බවත් රහස් පරීක්ෂක හන් මහතා පවසයි . මෙම ඝාතනයට හේතුව තවමත් හෙලි නොමැති අතර මෙම පුද්ගලයා පිළිබඳ අනික් තොරතුරු තවමත් මාධ්‍යයට හෙළි කර නොමැත .... "

උස බිල්ඩින් එකේ හයි කරලා තිබුණු ඩිජිටල් පුවුරුවේ යන ප්‍රවෘත්තිය දිහා පාරේ යන එන මිනිසුන්ගෙන් කිහිපදෙනෙක් අවධානේ දෙන කොට ඒ අතරින් එක්කෙනෙක්ට ඒ ප්‍රවෘත්තිය තමන්ගේ ජීවිතේට වැදගත් දෙයක් වුණා ...... ඒ හ්‍යෙජින්ට ...... ඔෆිස් එකේ දවල් හැමෝම ලන්ච් එකට ඔෆිස් එකෙන් ආවේ ළඟදී ඔෆිස් එක ළඟම පටන්ගත්ත රෙස්ටුරන්ට් එකට යන්න හිතාගෙන ...... ඒ අතරේ හ්‍යෙජින්ට නිව්ස් එක දකින්න හම්බුණේ අහම්බෙන් ........ කෙල්ලට හොඳටම ශුවර් ඒ එදා කෙල්ලව හම්බවෙන්න ආව චන් කියලා ....... කෙල්ල ලොකු LED ස්ක්‍රීන් එක දිහා බලන් හිටි⁣යේ අවසිහියෙන් ....... හ්‍යෙජින්ගේ ඔෆිස් එකේ වැඩ කරන කෙල්ලෙක් කතා කළාමයි කෙල්ල මේ සිහියට ආවේ .....

හ්‍යෙජින් යාළුවෝ එක්ක රෙස්ටුරන්ට් එකට ගියත් කෙල්ලගේ සිහිය තිබ්බේ වෙන කොහෙවත් .......

" යා ...... හ්‍යෙජින් ...... තමුසේ හොඳින්ද බං ??? " හ්‍යෙජින්ගේ ළඟම ඉදන් හිටිය යුමී ඇහුවා ......

" නේ " කෙල්ල කිව්වේ එච්චරයි ........

Hyejin's pov

නිව්ස් එක දැක්ක වෙලාවේ ඉඳන් මං කල්පනා ලෝකෙක හිටියේ ...... අන්තිමේ මගේ ළඟ ඉදගෙන හිටිය යුමී අහද්දි මං හොඳින් කිව්වේ මේ ප්‍රශ්න ගැන කාටවත් කියන්න බැරි නිසා ........ අපි හැමෝම ඕඩර් කරපු කෑම මේසේට ආවට පස්සේ කතාවක් නැතුව කන්න ගත්තා ..... හැබැයි ටික වෙලාවකට පස්සේ යුමීයි අනිත් සෙට් එකයි කතාවක් පටන් ගත්තා ......ඒත් මං හිටියේ මගේ කල්පනාවේ ........

මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මේ වගේ දෙයක් වෙයි කියලා ...... කලින් දවසේ හම්බවෙලා ගිය මනුස්සයා ඊළඟ දවසේ මිනියක් වෙලා ....... හිතද්දිත් මගේ ඇඟ හිරි වැටිලා ගියා ....... කවුද⁣ දෙයියනේ මේ වගේ දෙයක් කරන්න හිතන්නේ .........

☘ PROMISE ☘ COMPLETED ☘Where stories live. Discover now