☘ CHAPTER TWELVE ☘

276 63 38
                                    

Time passed

" කියන්න හන්-ස්සි ....... "

" අපි ගොඩක් ට්‍රයි කළා චන් කියන මනුස්සයාව අල්ලගන්න ..... ඒත් මං හිතන්නේ මනුස්සයා රටින් පැනලා ගිහින් ........ "

" ම්ම්ම්ම් ....... ඒනම් චන්ට රටින් පැනලා යන්න කියලා ඕකගේ ලොක්ක කියන්නැති ...... කමක් නෑ ..... අපිට තව මොනා හරි හොයාගන්න වෙනවා ....... මට අනිවාර්යෙන්ම දැනගන්න ඕන මේක කළේ මොකාද කියලා ........ "

" ඕකේ මිස්ටර් ජින් ........ටීම් එක මොනාහරි clue එකක් හොයගත්තම සර්ට inform කරන්නම් "

හන්ගෙන් ආව කෝල් එක කට් කරපු ජින් පුටුවට බරවෙලා වැටුණේ ලොකු කල්පනාවක ........ කොල්ල දන්නවා මේ දේ කරන්න පුළුවන් කාටද කියලා .....ඒත් කිසිම සාක්ෂියක් නැතුව ඔප්පු කරන්න බැරි නිසාමයි⁣ මේ ගැන තව රහසේ හොයන්න කල්පනා කළේ ........ ඒ වගේම නම්ජුන් එදා කිව්ව දේවල් එක්ක තාම නම්ජුන්ගේ ජීවිතේ අනතුරේ කියලා ජින්ට තේරුණා .......

ජින් කෝල් එකක් ගත්තේ නම්ජුන්ට ........ නම්ජුන් ඒ වෙද්දි හිටියේ ඉල්සාන්වල ....... අම්මලගේ ගෙදර ....... නම්ජුන් ගියේ හ්‍යෙජින් එක්ක ....... අද ජින් බලෙන්ම කොල්ලව යැව්වේ කොල්ලා වැඩ මත්තේ ගමන මඟ ඇර ඇර හිටිය නිසා ........

ටික වෙලාවක් රින්ස් යද්දි නම්ජුන් කතා කළා ........

" කියන්න හියුන් ....... "

" අහ්හ් ...... නිකන් ගත්තේ ...... මොකෝ වුණේ ....... "

" අර්ර්ර්ර් ........ අම්මයි තාත්තයි ඕකේ ...... නංගිත් කැමතියි ....... ⁣දැන් කට්ටියටම මාව අමතක වෙලා ...... හැමෝම හ්‍යෙජින් එක්ක කතාව " නම්ජුන් කියද්දි මට එහා පැත්තෙන් ඇහුණේ හිනා වෙන සද්දයක් .....

" අෆ්ෆා ....... ඒනම් කිම් ඇන්ටිට පුතාව අමතක වෙලා ලේලිව ලොකු වෙලා ...... හරි හරි ........ ඒනම් වෙඩිමත් සරි යන පාටයි ...... "

ටික වෙලාවක් කතා කරපු ජින් කෝල් එක කට් කළේ ලොකු හුස්මක් පිට කරන ගමන් ....... හවසට කොල්ලා ආවම කතා කරන දෙයක් කතා කරන්න හිතාගෙන ....

@evening

හවස් වෙද්දි නම්ජුන් හ්‍යෙජින් එක්ක සෝල් ආවා ....... දෙන්නම ආවේ ඩෝම් එකට ....... ජින් හ්‍යෙජින්ටත් එන්න කියපු නිසා ........
දුර ගමනක් ගියපු නිසා දෙන්නම හිටියේ තෙහෙට්ටුවෙන් ......... ඒ වෙද්දි ඩෝම් එකේ යුන්ජි වගේම හනෙලුත් හිටිය හින්දා කෙල්ලට නම් පාළුවක් දැනුනෙත් නෑ ....... අනිත් හැමෝම සාලේ කතා කරන අස්සේ යුන්ගි ජින්ව එක්කගෙන ගියේ සාලේ පැත්තකට ........

☘ PROMISE ☘ COMPLETED ☘Opowieści tętniące życiem. Odkryj je teraz