☘ CHAPTER TWO ☘

382 92 63
                                    

ජින්ගේ වාහනේ පාලම ගාවට එනකොටත් ඒ වෙනකොට පොලිස් වාහන දෙක තුනක්ම නවත්තලා තිබුණේ ....... ජින්ට වගේම යුන්ගිටත් දකින්න හම්බුණේ නම්ජුන්ගේ වාහනේ ...... පාර මැද නැවතිලා නම්ජුන්ගේ වාහනේ පිටිපස්සේ දොරක් ඇරිලා තිබුණේ...... දොරේ හැමතැනම වෙඩි වැදුණු සලකුණු ...... ඒ වෙලාවේ ජිනුයි යුන්ගියි මූණට මූණ බලා⁣ගත්තේ හිතුවටත් වඩා තත්ත්වේ බරපතල නිසා ..... ඒ වෙනකොටත් නිලධාරීන් වාහනේ පරීක්ෂා කරන ගමන් හිටියේ .......

දෙන්නම වාහනෙන් බැහැලා ඉක්මනට දිව්වේ වාහනේ ළඟට ...... ඒ දෙන්නා එද්දිම ඉස්සරහට ආවේ ප්‍රධාන පරීක්ෂකවරයා වගේ පෙනුමක් තියෙන පුද්ගලයෙක් .......

" Annyeong ..... මම රහස් පරීක්ෂක හන් ..... මම තමා මේ සිද්ධිය ගැන කරුණු හොයන්න පත්වුණු නිලධාරියා ....... මේ කිම් සොක්ජින් මහත්මයා වෙන්නැති " මිස්ටර් හන් ජින්ට අතට අත දුන්නා ......

" මොකද්ද වෙලා තියෙන්නේ ....." ජින් හන් මහත්මයාට අතට අත දෙන ගමන් ඇහුවේ කලබලෙන් ........

" අපිට මේ වාහනේ ගැන පැමිණිල්ල එනකොටත් මෙතන කවුරුත් ඉඳලා නෑ මිස්ටර් කිම් ....... අපි වාහනේ ගැන තොරතුරු හොයද්දි තමා දැනගන්න හම්බුණේ මේක මිස්ටර් කිම් නම්ජුන්ගේ වාහනයක් කියලා .... මං එයාට කොල් කරත් වැඩක් වුණේ නෑ ...... මොකද මිස්ටර් නම්ජුන්ගේ ෆෝන් එක වාහනේ ඇතුළේ තිබිලා හම්බවුනා ...... ඒ නිසා මිස්ටර් සොක්ජින්ට කතාකළේ " නිලධාරියා විස්තරේ කියාගෙන ගියා

මිස්ටර් හන් වුන දේවල් ගැන විස්තර කරද්දි ජින්ගේ ඇස් දෙක ගියේ නම්ජුන්ගේ වාහනේ දිහාට ........ ජින්ට දැනුණේ වරදකාරී හැඟීමක් ........ ඒ එක්කම ජින් ආපහු ගියේ එයාගේ වාහනේ ගාවට ........

" ආයිෂ් ....... මට තිබුණා එයාට යන්න එපා කියන්න ...... " කාර් එකේ බොනට් එකට වැරෙන් පහරක් දුන්න ජින් හිටියේ පුදුම කේන්තියේන් ........ ඒ තමන් ගැනම .....

" හියුන් ........ නම්ජුනාට මුකුත් වෙන්නෑ ....... දැන් සන්සුන් වෙන්න ...... " ජින්ගේ පිටිපස්සෙන් ඇවිත් හිටිය යුන්ගි පිටට තට්ටු කරන ගමන් ගියේ රහස් පරීක්ෂක ගාවට ......

" මිස්ටර් හන් ......... මොකක්හරි හෝඩුවාවක් හොයා ගත්තද " යුන්ගි ඇහුවා .......

☘ PROMISE ☘ COMPLETED ☘Tahanan ng mga kuwento. Tumuklas ngayon