☘ CHAPTER THIRTEEN ☘

249 55 48
                                    

බඩු පිරිච්ච පුංචි බෑග් එකකුත් අතේ එල්ලගෙන කෙල්ල පාර දිගේ හිමීට ඇවිදගෙන ගියා ........... පාරේ තවත් මිනිස්සු කෙල්ලව පහු කරන් එහාට මෙහාට යද්දි කෙල්ලට ඒ ගැන ගානක්වත් නෑ ....... මොකද කෙල්ල හිටියේ වෙනම ලෝකෙක තනිවෙලා ........

මොකද කිව්වොත් ....... ඒ පදික වේදිකාව දිගේ හිටවලා තිබ්බ විශාල රූස්ස ගස් නිසා ........... කෙල්ල ආසයි රූස්ස ගස් යටින් ඇවිදින්න ...... කෙල්ල සැරින් සැරේ උසට තියෙන ගස් දිහා දිහා බල බල නිවී සැනසිල්ලේ ඇවිද්දා ........ රෑ නිල් අහසේ තැනින් තැන දිලිසෙන පුංචි තරු දිහාත් බල බල ගිය කෙල්ලට කියාගන්න බැරි තරම් සතුටක් හි⁣තේ තිබුණා .......

ඒත් .......

කෙල්ල දන්නේ නෑ කෙල්ල ටිකින් ටික ඇවිදගෙන යන්නේ එයාගේ හිතේ තිබ්බ සතුටු අන්තෙට ම නැති කරලා දාන මරඋගුලකට කියලා ! ඒම දැනන් හිටිය නම් කෙල්ල හිනා වෙවී යන එකක් නැති වෙයි ...... හැමදේම අතෑරලා ආපහු යන්න හිතාවි ........

කෙල්ලට තමන්ගේ ගෙදරට යන්න තිබ්බේ තව අඩි දෙක තුනයි තිබ්බේ .......කෙල්ලගේ ඉස්සරහට එකපාරටම ආවේ අවුරුදු පනහක විතර වයසක පිරිමි කෙනෙක් ....... ඇදගෙන හිටිය වටින ඇදුම්වලින් මනුස්සයා වැදගත් සල්ලි තියෙන කෙනෙක් කියලා කෙල්ලට තේරුනා ........

" දුවේ ........ මගේ දරුවා " කඳුළු පිරිච්ච ඇස් දෙකකින් කෙල්ලගේ අත් දෙකම අල්ලගෙන වයසක මනුස්සයා කිව්වා ....... ආගන්තුක මනුස්සයා නිසා කෙල්ල පොඩ්ඩක් කලබල වුනා .......

" අජුස්සි ...... මං හිතන්නේ ඔයාට වැරදිලා ....... "

" නෑ ..... ඔයා කන් හ්‍යෙජින් නේද ......... මමයි ඔයාගේ අප්පා දුවේ "........ ඔයාට විශ්වාස නැද්ද ...... "

වයසක මනුස්සයා දික් කළේ සාක්කුවෙන් ගත්ත පුංචි ෆොටෝ එකක් ..... හ්‍යෙජින් ඒ ෆොටෝ එක අතට අරන් බැලුවා ..... කාලෙකට කලින් ගත්ත ෆොටෝ එකක් නිසා ටිකක් දුරුවර්ණ වෙලා ...... තරුණ වයසේ ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි අත් අල්ලගෙන ඉන්න පින්තූරයක් .........

ඒ තරුණ ගෑණු ළමයා තමන්ගේම අම්මා කියලා කියලා වගේම එහා පැත්තේ හිටිය පිරිමි ළමයා තමන්ගේ ඉස්සරහ ඉන්න පිරිමි කෙනා කියලත් තේරුම් ගන්න හ්‍යෙජින්ට වැඩි වෙලාවක් ගියේ නෑ ......

☘ PROMISE ☘ COMPLETED ☘Where stories live. Discover now