☘ CHAPTER FIFTEEN ☘

222 56 9
                                    

" මං චන් .... මිස්ටර් නම්ජුන්ගේ හිටපු ඩ්‍රයිවර් .... "

කෙල්ල ෂොක් වෙච්ච පාර කෙල්ල ඉබේටම අඩියක් පිටිපස්සට ගියා ......

මේ මනුස්සයා ආයේ නම්ජුන්ට කරදරයක් කරන්නද ආවේ ....

ඇයි මාව හම්බවෙන්න ආවේ ........

කෙල්ලගේ ඔලුවේ එක එක ප්‍රශ්නවලින් පිරෙන්න ගත්තා ....... ඒවා අහන්නවත් කෙල්ලට සිහියක් නෑ .......

" මට වැඩි වෙලාවක් නෑ ........ මේක පුළුවන් ඉක්මනට නම්ජුන් සර්ට දෙන්න ...... ඒ වගේම සර්ට කියන්න මං කරපු වැරැද්දට දැන් වන්දි ගෙවනවා කියලා ......... "

චන් හ්‍යෙජින්ගේ අතට පොඩි පෙන් එකක් දීලා පාරේ යන මිනිස්සු අතරින් වාස්ප වුණා .......අගක් මුලක් හරියට තේරුම් ගන්න බැරි වුණ හ්‍යෙජින් පෙන් එක අතේ තද කරගෙන ගෙදරට ගියා ......
ගෙදර ගියත් කෙල්ලට වුන දේවල්වල තේරුමක් ඇත්තෙම නෑ .......

අන්තිමේ හ්‍යෙජින් චන් දුන්න පෙන් එක මොකද්ද කියලා බලන්න හිතා ගත්තා ...... ලැප් එක අරන් චන් දුන්න පෙන් එක ලැප් එකට කනෙක්ට් කළා ...... පෙන් එකේ තිබ්බේ වොයිස් ක්ලිප් ⁣දෙක තුනකුයි ෆොටෝස් වගයකුයි ....... කෙල්ල එතන තිබ්බ එක වොයිස් ක්ලිප් එකක් ප්ලේ කරන්න ගත්තා ........

එකින් එක වොයිස් ක්ලිප් අහද්දි ⁣තිබ්බ ෆොටෝස් බලද්දි ලැප් එක දිහා බලන් හිටිය කෙල්ලගේ ඇස් දෙක ලොකු වුණා ....... කෙල්ලගේ තොල් දෙකත් කෙල්ලට නොදැනීම වෙව්ලන්න ගත්තා ....... කෙල්ල දකින්නේ හීනයක්ද නැත්තම් ඇත්තක්ද කියන්න කෙල්ලට තේරෙන්නේ නෑ ....... ටික වෙලාවක් යද්දි කෙල්ලගේ ඇස්වලින් කඳුළු කඩන් හැලුණා ........

කෙල්ල ටක් ගාලා පෙන් එක් ලැප් එකෙන් රිමූව් කරලා අතට ගත්තා ...... කෙල්ල පෙන් එක දිහා බලාගෙන කල්පනා කළේ ඊළඟට මොකද්ද කරන්නේ කියලා ..... ඒ එක්කම කෙල්ලගේ ෆෝන් එක රින්ග් වුණා ..... කෙල්ල කවුද කතා කළේ කියලා බලන්නේවත් නැතුව කෝල් එක ආන්ස්වර් කළා .........

" හ්‍යෙජිනා ........ මං දැන් විනාඩි දහයකින් එනවා ...... පල්ලෙහට එන්න ...... "

කෙල්ලට ඒ නම්ජුන්ගේ කටහඬ කියලා තේරුණා ....... කෙල්ල ඉක්මනටම ගියේ පල්ලෙහට ... කිව්වා වගේම නම්ජුන් කෙල්ලගේ ගෙදරට ආවා ......

☘ PROMISE ☘ COMPLETED ☘Where stories live. Discover now