3. නුපුරුදු උණුහුමක්

2.8K 554 18
                                    

"ෂිට් තමුසෙලට තාමත් කෙල්ලව අල්ලගන්න බැරිඋනාද? මොනවද ඕයි කරන්නේ?"

"මට හොදටම ශුවර් සර් එයා සබ්වේ එක ගාව හිටියා කියලා. එතනින් තොරතුරක් ගත්ත ගමන්ම අපි එයාව හොයාගන්නවා."

"තමුසෙලට තව පැයයි දෙන්නෙ. මොන ලෝකෙන් හරි කමක් නෑ කොහොම හරි කෙල්ලව අල්ලගන්නවා. ඒකිට පැනගන්න දෙන්න එපා. පනපිටින් ගේන්න බැරි උනොත් එතනම ඉවරයක් කරනවා.

නැත්තම් අපිට තමයි මැරෙන්න වෙන්නෙ"
_________________________

ජන්කූක් ආයෙමත් බ්ලැන්කට් එක ඇතුලේ ගුලිවෙලා නිදාගන්නයි හැදුවේ. ඒත් කොල්ලට නින්ද යන පාටක් නම් නෑ. සූටි හිනාවක් තාමත් කොල්ලගෙ මූනෙ රැදිලා.

ජන්කූක් මේ ගෙදර පදිංචියට ඇවිත් වැඩි දවසක් නෑ. එයා අලුතෙන් මෙහෙ පදිංචියට ආවේ කොල්ලගෙ බිස්නස් වැඩවලට ලේසි නිසා. ඊටත්වඩා ජන්කූක් තාත්ත එක්ක හිත් අමනාපෙකින් හිටියෙ.

ඉතිං එයාලගෙ ඒ වගේ සංවාදයක් දුරදිග ගිය දවසක තමයි ජන්කූක් මේ ගෙදර අරන් මෙහෙ පදිංචියට ආවේ. කොල්ලට ඕන උනේ නිදහසේ ඉන්න. ගෙදර අය නැතුව ටිකක් පාළු හිතුනත් මෙහෙ තිබුණු නිස්කලංක වටපිටාවට කොල්ලා ආස කළා.

ජන්කූක් පොඩි කාලෙ ඉදන්ම මියුසික් වලට ගොඩක් ආසයි. ඒත් පවුලෙ එකම පුතා නිසා අකමැත්තෙන් උනත් ජන්කූක්ට බිස්නස් බාරගන්න සිද්ධ උනා. තාත්තත් අසනීපෙන් හිටපු නිසා ජන්කූක්ට එහෙම නොකර බැරිවුණා.

ඒත් එයා තාම මේ දේවල්වලට අලුත්. ඒ නිසා ජන්කූක් තාමත් වැඩිපුර හිටියෙ එයාගෙ හියුන්ල ටිකත් එක්ක. ජිමින්ගෙ තාත්තත් ජියොන් සමූහ ව්‍යාපාරයේම මේන් ශෙයාහෝල්ඩර් කෙනෙක්. ඒ හින්දා බිස්නස් ගැන වැඩිපුර හොයලා බැලුවෙ එයාල. ඒක නම් ජන්කූක්ට ලොකු සහනයක් උනා.

ඉතිං කොල්ලො කට්ටියටම කොච්චර වැඩ තිබුණත් හැමදාම රෑට ජින් හියුන්ගෙ ගෙදරට එකතු වෙලා පොඩි පිස්සුවක් නටන්න එයාලා අමතක කරේ නෑ. හරියට ඉස්කෝලෙ කාලෙදි වගේ. එයාලා පොඩි කාලේ ඉදන්ම හොඳම යාලුවො.

නම්ජූන් නම් හොබී එක්ක එයාලගෙම මියුසික් ඇකඩමි එකක් කරගන ගියා. සුගා NIS එකට බැදුනා. ජිමින් නම් ජන්කූක් එක්කම එයාලගෙ කම්පැනි එකේමයි වැඩ කරේ. ටේ, එයාව තමයි අල්ලන්න අමාරු. එයා ඉතිං ෆේමස් මොඩ්ල් කෙනෙක්නෙ. ජන්කූක් ඉතිං එතන පොඩි එකා හින්දා තාමත් හියුන්ලට වද දිදී හිටිය.
.
.
.

Ghost Girl || CompletedWhere stories live. Discover now